මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක්- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    අප්‍රේල් 04, 2017

    මහනුවර නගරයේ ඇති මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක් ඉදි කෙරෙන බවත් ඊට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(02) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහනුවර පූජා නගරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

    එදා මහනුවර පූජා භූමියක් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.  පූජ භූමිය වටේ බාර් දාලා, කාර් රේස් දුවපු එකයි මේ අය කළේ . දැන් කිඹුල් කඳුළු හළනවා. එදා ආණ්ඩුව විකල්පයක් නොදී මාර්ගය වැසුවා. අපි දළඳා මාළිගාව අභියස මාර්ගය විවෘත කරන්නේ නෑ. අපි මහනුවර  මාර්ග තදබදයට විකල්පයක් ලෙස උමං මාර්ග හඳුන්වා දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya