මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ගමනා ගමන මණ්ඩලය සේවා සපයන ආයතනයක් බවට පත් කරනවා

    අප්‍රේල් 04, 2017

    ජතික ගමනාගමන කොමිෂන් සභා  (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (04) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

    මේ වනවිට බස් රථ බලපත්‍ර 3219ක් ලබාදී ඇතැයි අමාත්‍යවරය පැවසීය. ඇතැම් බස් රථ නීති විරෝධි ලෙස ධාවනය කරන බවත් නීතිය උල්ලංඝණය කරන බස් රථ සඳහා රුපියල් දස දහසක් පමණක් අය කළ බවත් එම දඬ මුදල ලක්ෂ දෙක දක්වා මෙම පනත් කෙටුම්පත මඟින් වැඩි කිරීමට කටයුතු කරන බවත් පැවැසීය.

    නීතියට පාරදෘශ්‍යභවයෙන් බලපත්‍ර ලබාදීම කළ යුතුයි. එන මාසයේ දී කැබිනට් පත්‍රය සම්මත වූ වහාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සළකා බලමින්  නිර්ණායක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පාරදෘශ්‍ය ක්‍රමවේදය තුළින් පෞද්ගලික බස් ධාවකයින්ට සාධරණයක් ඉටු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තමන්ගේ හයිය අනුව බස් ධාවනය කිරීම ශෝචනිය තත්ත්වයක්. විශේෂයෙන් ඉල්ලා සිටිනවා, නීතිගරුකව කටයුත්ත කරන්න කියලා.

    අන්තර් පළාත් සඳහා අලුත් නිර්නායක සකස් කරගෙන යනවා. සී.ටී.බී බස් දහසක් මිලදී ගැනීමට අවසර ලැබී තිබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලය ලාබ ලබන ආයතනයකටත් වඩා සේවා සපයන ආයතනයක් බවට පත් කරනවා. ඉන්දියානු ණය සහන යටතේ ඉංජින් 500ක් ලැබිලා තිබෙනවා. ඒ අනුව බස් රථ 500ක් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya