අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සිනමාවේ නව පුනරුදයක සළකුණක්

    අප්‍රේල් 02, 2017

    ශ්‍රී ලාංකීය සිනමාව ඩිජිටල්කරණයේ නව යුගයට කැටුව යමින් 8 වසරකට පසු "ජනාධිපති සිනමා සම්මාන උළෙල - 2017" අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

    ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 1979 වසරේදී මෙරටට හඳුන්වාදුන් ජනාධිපති සිනමා සම්මාන උළෙල, වසර අටක නිහැඬියාවකින් පසු මෙලෙස නැවතත් ආරම්භ විය.

    මේ වනවිට වසර 70 ක් සපුරා ඇති දේශීය සිනමා ක්ෂේත්‍රය තුළ 2015 වසරේදී තිරගත කරන ලද චිත්‍රපට සඳහා මෙම උළෙලේ දී සම්මාන ප්‍රදානය කෙරිණි.

    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ රටේ ජාතික සමගිය සහ සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවයි.

    එමෙන්ම සිනමා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සහ බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින සෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සදහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනු ඇතැයි ද ජනාධිපතිතුමා තම විශ්වාසය පළ කළේය.

    සිනමා කර්මාන්තයේ උන්නතිය සහ කලාකරුවන් දිරිගැන්වීමේ අරමුණින් පැවති මෙම සම්මාන උළෙලේ දී මූලික සම්මාන 21 ක් පුරෝගාමී මෙහෙවර බුහුමන් සම්මාන 09ක් ස්වර්ණ සිංහ සම්මාන 06 ක් විශේෂ කුසලතා සම්මාන 07 ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01 ක් ද පිරිනැමිණි.

    2015 වසරේ තිරගත වූ චිත්‍රපට අතරෙන් ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එහි රගපෑ ශ්‍යාම් ප්‍රනාන්දු හොදම නඑවා ලෙස ද අංජලී පටෙල් හොදම නිළිය ලෙස ද ජනාධිපතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

    සම්මාන උළෙල සදහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, ඩී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රංජන් රාමනායක, කරුණාරත්න පරණවිතාන, ජාතික විත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරාජ යන මහත්වරුන් ද ප්‍රවීණ කලාකරුවන් රැසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya