රෝහලේ අඩු පාඩු සොයා බැලු ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරතවෙමින් ඔවුන්ගේ නේවාසිකාගාර පහසුකම් ඇතුළු පොදු ගැටලු පිළිබඳ විමසා බැලීය.
එමෙන්ම ඩෙංගු රෝගීන් සඳහා ප‍්‍රතිකාර කෙරෙන වාට්ටු සංකීර්ණයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එම රෝගින්ගේ පහසුකම් සොයා බැලූ අතර නැගෙනහිර පළාතේ සීඝ‍්‍රයෙන් ව්‍යාප්තවන ඩෙංගු රෝගය පාලනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිපෙළේ ප‍්‍රගතිය පිළිබඳව ද කරුණු විමසීය.
මේ අතර කින්නියා මූලික රෝහල නවීකරණය කර දෙන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසීන් විසින් දියත් කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද රෝහල ඉදිරිපිට පැවැත්වුණු අතර එම ස්ථානයට ගිය ජනාධිපතිතුමා රෝහල කඩිනමින් නවීකරණය කර දීමට අවශ්‍ය පියවර ගන්නා බව ප‍්‍රකාශ කළේය.
ඒ සඳහා පැවැත්වෙන මූලික සාකච්ඡුාව ස`දහා උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත නියෝජිතයින් කිහිප දෙනෙකුට ද සහභාගී වීමට ජනාධිපතිතුමා ආරාධනා කළේය.