අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප‍්‍රධානත්වයෙන් රැස් වෙයි

    මාර්තු 31, 2017

    දිවයින පුරා පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සියලුම ඩෙස් පුටු ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිළධාරින්ට උපදෙස් දුන්නේය.

    බොහෝ පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ඩෙස් පුටු පවා නොමැතිකම බරපතල ගැටලුවක් බව (30) පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹීය.
    හමුව ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    මෙම මැයි මස ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

    එමෙන්ම ඒ හා සමගාමීව දිවයින පුරා විහාරස්ථානවල පවතින පුස්කොළ පොත්වල නාමාවලියක් සකස්කර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු විය.

    එමෙන්ම බුද්ධ ජයන්ති ග‍්‍රන්ථ මාලාව සංරක්ෂණය කර අන්තර්ජාලයට එක් කිරීම, ධර්මාචාර්ය විභාගය සමත්වූවන්ට රැකියා ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීම, භික්ෂුන් වහන්සේලා රාජ්‍ය සේවයට ඇතුලත්වීමේදී මතුවන ගැටලු, සිල් මෑණිවරුන්ගේ අධ්‍යාපනය සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම, පිරිවෙන් ගුරුවරු පුහුණු කිරීමේ ආයතනයක් හා ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම යන කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය විජිතපුර විමලරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඥාණරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය කඩවත්ගම පියරතන ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya