නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට නිදහස ලබාදිය යුතුයි - අද රටේ වෛද්‍යවරු ඉන්නේ ලක්ෂයකට හැටයි - අමාත්‍ය රාජිත සේනාරත්න

    පෙබරවාරි 09, 2017

    අධ්‍යාපනයට නිදහස ලබාදිය යුතුයි. නිදහස් අධ්‍යාපනය නොවේ මුලික දේ,අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුයි. වෛද්‍ය විද්‍යාල නඩත්තු කිරීමට බිලියන 1.67ක් වියදම් වෙනවා. අද රටේ වෛද්‍යවරු ඉන්නේ ලක්ෂයකට හැටයි.මේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ක්‍රමය මාරු කරන්නයි. ඔලුගෙඩි මාරු කරන්න නොවේ යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

     
    අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය  විවාදයට  ගත් අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

     

    ඖෂධ අඩු කිරීමේ දී කිසිම වෙළඳ සමගමකට අසධාරණයක් සිදු වී නෑ.අපි ක්‍රම පාවිචි කළේ, වැඩියෙන් ම වෙළඳපොළේ වැඩිම වෙළඳ නාම තිබෙන එක බාගයකට අඩු කළේ. වෙලඳ සමාගම් සියයට 85% ඉල්ලුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබෙනවා ප්‍රතිශත ගන්න එපා කියලා.ඇති වනවා කියන ඖෂධ හිඟය නැති වුණා.ඖෂධයක් ගැන බියක් ඇති කරගැනීම නරකයි.  හොරෙන් ගෙනැල්ලා ප්‍රමිතියෙන් තොර ඖෂධ විකිණීම අඩු වී තිබෙනවා මේ ක්‍රමය නිසා.  

     

    සමහර අය ඉන්නවා විශාල පෙරළියක් කළා. පිළිකා ඖෂධවල මිල අඩු කරන්න විශාල පෙරළියක් කරන්න සිදු වුණා. සමහරු කිව්වා ඖෂධය හොඳ නෑ කිව්වා.මිලියන පන්සියකින් අඩු වුණා එක ඖෂධයක මිල. මේක තමයි ඖෂධ වෙළඳාම. බිලියන 35ක් වසරකට වියදම් කරනවා. වැඩිපුර ගියේ මිනිසුන්ට නොවේ, සමාගම්වලටයි.

    මිනිසුන්ට යන්නේ නැත්නම් නිදහස් සෞඛ්‍ය වෙන්නේ නෑ. අපි විශාල වශයෙන් රජයට හ වෙළඳපොළේ ඖෂධ මිල අඩු කරගන්න හැකි වුණා. එනසතියේ ගැසට් කරනවා සියලු අක්ෂි කාච නොමිලේ දෙන්න.අපි රුපියල් 20,000කින් අක්ෂි කාච අඩු කරනව. මිල අධික පිළිකා ඖෂධ සියල්ල අඩු කරනවා.

    මෙය ව්‍යාපරයක් සහ සේවයක් කියන මතය අනුව සියලු මිල පලනය කරනවා කියලා කිව්වා ලැස්තිවෙන්න කිව්වා. විශාල ලෙස පැමිණිලි එනව, ආයතන මිනිසුන්ගෙන් අසාධාරණ ලෙස අය කරනව කියලා. මේ ආණ්ඩුව පිහිටුව්වේ ක්‍රමය මාරු කරන්නයි. ඔලුගෙඩි මාරු කරන්න නොවේ. ඒකයි යහපාලනය කියන්නේ. අවසානයේ දී කාලකන්නි දේශපාලනයෙන් රට බේරාගන්නයි මේ මාර්ගයේ යන්නේ. ඖෂධ මිල අඩු කිරීම නිසා බිලියන 6ක ලාභයක් රජයේ භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා.

     

    සයිටම් එකට මහින්ද රාජපක්ෂ මහතා සම්පූර්ණ සහයෝගය දුන්නා.වෛද්‍ය අධ්‍යාපනයේ තත්ත්වය කුමක්ද ඒකයි අපිට තියෙන ප්‍රශ්නය. නිදහස් අධ්‍යාපනය නොවේ මුලික දේ, අධ්‍යාපනයට නිදහස ලබාදීමයි. අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුයි. අපි මාර්ක්ස්වාදය ගරු කළ අයයි. හදවත වමයි. සයිටම් හැදුවේ 2009 දී. නිරීක්ෂණ චාරිකාවට එන්න කිව්වා, වෛද්‍ය සභාවට. 2010 සයිටම් කියනවා, ඒකාබද්ධ වී තිබෙනවා රුසියාවේ විශ්වවිද්‍යාලය එක්ක කියලා. එදා කියනවා, උපාධි පිරිනමන ආයතනයක් කරන්න කියලා. අද කියනවා මේවා හොරළු. මේ කියන්නේ වෛද්‍ය සභාවයි. 2011 අගෝස්තුවල, උපාධි පිරිනමන ආයතනයක් ලෙස සම්මත කරනවා. බොරුවට නඩු කාරයින්ට බනින්න එපා. කිසිම වරදක් නෑ නෛතික බලතල අනුව ගත්තේ කියලා කියනවා.

    අපේ විශ්වවිද්‍යාලවල තත්ත්වය මොකක්ද? ලෝක විශ්වවිද්‍යාලවල ලංකාවේ ප්‍රමිතිය මොකක්ද? මෙච්චරකල් හිටියේ ඇයි විරුද්ධ වෙන්න.අද රටේ වෛද්‍යවරු ඉන්නේ ලක්ෂයකට හැටයි. හොර දොස්තරලා 40,000ක් ඉන්නවා.විශ්වවිද්‍යාලයක එක විභාගයකින් නොවේ මොළය තීරණය කරන්නේ.බිලියන 1.67ක් වියදම් වෙනවා, වෛද්‍ය විද්‍යාල නඩත්තු කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya