නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිටම් ප්‍රශ්නය පෞද්ගලික කෝණයෙන් නොබලා රටක් ලෙස බැලිය යුතු කාරණයක් - අමාත්‍ය මහින්ද අමරවීර

    පෙබරවාරි 09, 2017

    සයිටම් ප්‍රශ්නය පෞද්ගලික කෝණයෙන් නොබලා රටක් ලෙස බැලිය යුතු කාරණයක් බවත් දරුවන් වෙනුවෙන් යම් තීන්දුවක් ගත යුතු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය  විවාදයට  ගත් අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

     

    සයිටම් ප්‍රශ්නය පෞද්ගලික කෝණයයෙන් බලන් නැතිව රටක් ලෙස බැලිය යුතු කාරණයක්. වරදක් තිබෙනවා නම් නිවැරැදි කළ යුතුයි. එහි සිටින දරුවෝ සල්ලි තියෙන අය වගෙම ශිෂ්‍යත්ව මත අධ්‍යාපනය ලබන අයත් ඉන්නවා.ගොවිතැන් කරන අයගේ ළමයි සයිටම් විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.

     

    මේ කාරණය ගැන සංවේදීව බැලිය යුතුයි. හරිම ලේසියි උද්ඝෝෂණය කර එක. මෙතැන තිබෙන්නේ දේශපාලනකරණයක් ද කියලා බලන්න ඕන. අපේ රටේ සල්ලි කාරයන්ට අඩු සුදුසුකම් තිබුණත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් විදේස රටකට ගිහිල්ලා.

     

    සුදුසුකම් නැති අය නතර කිරීම ගැටළුවක් නෑ. මෙතන අහිංසක දරුවන් ඉන්නවා. සුදුසුකම් තියෙන දරුවන් නම් සාකච්ඡා කර අවස්ථාව ලබාදිය යුතුයි. වෛද්‍ය ක්ෂේත්‍රය වැදගත් ක්ෂේත්‍රයක්. දරුවන් වෙනුවෙන් යම් තීන්දුවක් ගත යුතුයි.සමහර කාරණා දේශපාලන කෝණයෙන් බලලා සිදු කරනවා. ඒකයි ගැටළුව.අධිකරණය තීන්දුවක් දී තිබෙනවා. ඒ තීන්දුව පැත්තකට දාන්න බෑ. විරෝධතා පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා.ජනාධිපතිතුමා සූදානමින් සිටිනවා, අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් පවත්වන්න, මේ ප්‍රශ්නය සුහදතාවයකින් විසඳාගැනීමට යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya