මාරාන්තික ඩෙංගු රෝගය නිවාරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් හදුන්වා දීමට නියමිත නව වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සියලු රට වැසියාගේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ජාතික දන්ත (ශික්ෂණ) රෝහලේ පළමු අදියරේ නව මහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ සහ එහි දෙවන අදියරෙහි ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම උදෙසා ඉදිකළ නව රෝහල් කිහිපයක් ඉදිරි දිනවලදී ජනතා අයිතියට පත් කිරීමට රජය සූදානමින් සිටින බව ද ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන්ගේ හි`ගකම සෞඛ්‍ය ක්ෂේත්රයට බරපතළ ගැටලූවක් ව පවතින බවත් නව පත්වීම ලබන වෛද්‍යවරුන් රෝහල් සඳහා අනියුක්ත කිරීමේ ක්‍රමවේදයේ අභියෝගත් සිහිපත් කළ ජනාධිපතිතුමා එම ගැටලු මධ්‍යයේ වුවද මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් කරන අගනා මෙහෙය ඇගයීමට ලක් කළේය.
තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේ සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සිදුකිරීමට ගිය ඇතැම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එවකට තමාට අවස්ථාවක් නොදුන් බව සිහිපත් කළ ජනාධිපතිතුමා වෛද්‍යවරුන්ට සේවා ස්ථාන ලබාදීමේදී ජනාධිපතිවරයාගෙන් බලපෑම් සිදුවන බවට පැතිර යන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය. එසේම සිය අමාත්‍ය මණ්ඩලයට, වඩාත් හොඳ ජනතා සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය නිදහස සහ පරිසරය තමා විසින් සකසා දී ඇති බවත් අනවශ්‍ය මැදිහත් වීම්, අතපෙවීම් වලින් තොරව ඔවුන්ට කටයුතු කිරීමට ඒ අනුව හැකිවී තිබෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
රුපියල් මිලියන 1200 කට ආසන්න වියදමකින් යුත් මහල් නවයකින් සමන්විත නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් වූ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා නව පරිගණක මෘදුකාංගය හරහා ප්‍රථම රෝගියා ද ලියාපදිංවි කරවීය.
රෝහලේ ඒකක නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ රෝහලේ දෙවන අදියරේ ඉදිකිරීමට නියමිත මහල් නවයකින් සමන්විත ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීය.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්රදානය කළේය.
වැල්ලවත්ත විජයාරාමාධිපති. අමරපුර ධම්මරක්ඛිත මහා නිකායේ අධිකරණ සංඝනායක පුජ්‍ය අහංගම ආනන්ද ස්වාමින් වහන්සේ, ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, ජාතික දන්ත ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ යන මහත්ම මහත්මීන් ඇතු`එ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.