පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් සමග ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන් අතර පොලිස් සේවාව වඩා කාර්යක්ෂම සහ මිත‍්‍රශීලි සේවාවක් බවට පත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මහජන සම්බන්ධතාවලදී පහළ නිලධාරින්ගේ විනය පිළිබඳ සුදුසු ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර චක‍්‍රලේඛවලින් ලබාදෙන උපදෙස්වලට වඩා සන්සුන් සහ නිදහස් මනසකින් යුතුව ඔවුන්ට රාජකාරී කිරීමට අවශ්‍ය වටපිටාව සළසා දීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් පොලීසිය ගෙන යන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම විදේශ රටවලින් මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය පිළිබඳ එම රටවල් දැනුවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
අපරාධ අවම කර ගනිමින් රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිදී පොලිසිය පෙන්වා දුන්නේ අද සිදු කෙරෙන සංවිධානාත්මක අපරාධ සඳහා ජංගම දුරකථනය භාවිතා කරන අතර එම ජංගම දුරකථනවල විස්තර ලබා ගැනීමේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හරහා සිදුකෙරෙන කි‍්‍රයාවලිය සංකීර්ණ බැවින් අපරාධ විමර්ශන කටයුතුවලදි ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි.
විදුලි සංදේශන නියාමන කොමිෂම සහ අවශ්‍යනම් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය සමග සාකච්ඡා කර ඒ සඳහා ගතහැකි කි‍්‍රයාමාර්ග සොයා බලන බව ජනාධිපතිතුමා පැවසීය.
ජනමාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගේ විවේචනවලට ලක්වන කරුණුවලදී පොලිස් දෙපාර්තමේන්තුව නව සැලසුම් සහ වැඩසටහන් ඔස්සේ කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.