නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ 118 වැනි ජන්ම දින සංවත්සරය සැමරේ

    ජනවාරි 08, 2017

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ 118 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (08) පෙරවරුවේ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු පිරිස මෙහිදී බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

     

    අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත, දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් පිළිරුවට මල්දම් පැළඳවූහ.

     

    උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පැවිදි සංවිධානයේ සභාපති බෝමිරියේ ගනේවත්ත පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්දොල පියනන්ද නායක හිමිපාණන් වහන්සේ විසින් සැමරුම් උත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව සිදුකළ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මේ අතර බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ 118 වන ජන්ම දිනය නිමිත්තෙන් සහ සෞභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස කි‍්‍රයාත්මක තිරසර යුගයක – තෙවසර ඇරඹුම ජාතික වැඩසටහන නිමිත්තෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව සංවිධානය කෙරුණු මහා දානමය පුණ්‍යකර්මයක් අද දහවල් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya