මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුගඟේ ජලය මහජන සුභ සිද්ධිය සඳහා යොදාගත හැකියි - අග්‍රාමාත්‍ය

    ජනවාරි 06, 2017

    අපේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වීමට නම් හොඳ ජල සම්පාදන ක්‍රම,පානීය ජලය ලබාගත යුතුයි. අපේ ආර්ථිකය දියුණු කරන්න නම් නාගරිකරණයට, කර්මාන්තකරණයට ජලය ලබාදිය යුතුව තිබෙනවා. කළුගඟේ ජලය මහජන සුභ සිද්ධිය සදහා වැඩිපුරයොදාගත හැකි වෙනවා. ආර්ථික දියුණුව ජල සම්පාදන වැඩකටයුතුවලට ඉවහල් කර ගැනීමට හැකියාව ලැබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    හොරණ, කඳන කළුගග ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවන අදියර විවෘත කිරීමේඋත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) මේ බව ප්‍රකාශ කළේ ය.


    කළුගඟ ජල යෝජනා ක්‍රමයේ පළමු අදියරේ දෙවන කොටස අද අප විසින් විවෘත කළා. මේ නිසා කැස්බෑව, මොරටුව වැනි ප්‍රදේශවලට පානීය ජලය ලැබෙනවා. ඒත් මෙහි එක් අඩුපාඩුවක් ඇති බව පාලිත තෙවරප්පෙරුම මහතා පැවසුවා. මඳුරාවල ප්‍රදේශයට ජලය නොලැබෙන බව ඔහු කිව්වා. ඊළඟ ජල ව්‍යාපෘතියෙන් එම ප්‍රදේශයටත් ජලය ලැබෙන බව ජල සම්පාදන ඇමැතිතුමා මට කිව්වා. මේ මාසයේ දී එම ව්‍යාපෘතිය ඇරැඹෙනවා. මා දින කිහිපයකට පෙර වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වුණා. මෙම සියලූම ආයතන රැකියා බිහි කිරීමේ කර්මාන්තයි. කර්මාන්ත ඇරැඹෙන විට ඊට විරුද්ධව විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වනවා. හම්බන්තොට කර්මාන්තකරණයටත් විරුද්ධව මත පළකරනවා.

     

    වෙස්ටර්න් ඔටෝමොබයිල් ආයතනයට වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් නැතැයි නිව්ස් ෆස්ට් ආයතනය පවසා තිබෙනවා. ඒක ඔටෝමොබයිල් ආයතනයෙන් අහන්න දෙයක් නැහැ. මගෙන් ඇසුවා නම් මම කියනවා.

    වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් මෙරටට අවශ්‍ය බව 2015 වසරේ දී අප පැවසුවා. නමුත් 2016 වසරේ මුල් භාගයේ දී වොක්ස්වැගන් සමාගමට විශාල වශයෙන් ජාත්‍යන්තර අර්බුදයකට මුහුණදීමට සිදුවුණා. ඒ නිසා වොක්ස්වැගන් ආයෝජනය නොගැනීමට අප තීරණය කළා. වොක්ස්වැගන් ආයෝජනය ගැනීමට නම් එම සමාගමට ඇති ජාත්‍යන්තර විභාග අවසන් වන තුරු ඉන්නට සිදු වෙනවා. නමුත් අපට ඉක්මනින් කර්මාන්ත ශාලා ඉදිකර ගත යුතුයි.

     

    වොක්ස් වැගන් සමාගමේ ආයෝජන නැතිව ක්‍රියා කළත් වොක්ස් වැගන් මෝටර් රථ නිෂ්පාදනය කරන්නට හැකියාව තිබෙනවා. වොක්ස් වැගන් රථ වලට සීමා නොකර වෙනත් වාහනත් නිෂ්පාදනය කළ හැකිදැයි අදාළ සමාගම අපෙන් ඇසුවා. එලෙස වෙනත් වාහන නිෂ්පාදනය කරන්නට හැකි බව අප පැවසුවා. ඒ අනුව වර්ග කිහිපයක වාහන මෙම කම්හලේ නිෂ්පාදනය කරනවා.

     

    ඔය දේ අහන්න ඒ කම්හලට ගිහින් වැඩක් නැහැ. අපෙන් ඇසුවා නම් අපි කියනවා. බුදුන් වහන්සේත් එය දේශනා කර තිබෙනවා. ඔබේ මනස විකෘති වූ විට හානිය වන්නේ ඔබටයි. රටේ තරුණ තරුණියන්ගේ රැකියා ව්‍යාපාරය කඩාකප්පල් කරන්නට උත්සාහ කළාම මම ඔබට අනුකම්පා කරනවා. කුමක් හෝ ප්‍රශ්ණයක් තිබුණා නම් ඇමතිවරයා හෝ අදාළ සමාගම එය පැහැදිලි කරනවා. කර්මාන්තකරණය නිසා ප්‍රදේශ නාගරීකරණය වනවා. නාගරීකරණයට මෙන්ම කර්මාන්තකරණයට ජලය අවශ්‍යයි. ජලය සහ විදුලි බලය සැපයීමට බැරි නම් කර්මාන්තකරණය
    සම්පූර්ණයෙන්ම අසාර්ථක වනවා. ජලය ලබා දීමට අප මුල් තැනක් ලබා දී තබෙනවා.

     

    රැකියා කරන අයට හොද අදායමක් මෙන්ම නිවාස අවශ්‍යයි. ළිදෙන් වතුර ගන්නට හැකියාවක් නැහැ. බටහිර ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ තම ආදායම වැඩි වීමත් සමග ළිදෙන් වතුර ගන්නා තත්්වයෙන් ඉදිරියට ගොස් ජල පහසුකම් බලාපොරොත්තු වනවා. අද අප කැප වී සිටින්නේ ඒ වැඩ කටයුත්ත කරන්නයි. රැකියා සොයන්න, නිවාස ඉදි කරන්න, පානීය ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න, ආයතන දියුණු කරන්න, ආදී විශාල කාර්්‍යයන් කිරීමට අප එක් වී සිටිනවා. ඒ සියළු අරමුණු ඇතිව අප සියළු බලවේග එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කරගෙන තිබෙනවා.

     

    එලෙස පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව මගින් මේ වැඩකටයුත්ත සිදු කරනවා. ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව රවුෆ් හකීම් ඇමති තුමාට විශාල වගකීමක් තිබෙනවා. ඒ සදහා මේ වසරට පමණක් රුපියල් බිලියන 300ක් වෙන් කර තිබෙනවා.

     

    වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශ වලට එම මුදලෙන් භාගයක්ම වෙන් කරනවා. එනම් රුපියල් බිලියන 150ක ඉතිරි මුදල මේ ප්‍රදේශය වෙනුවෙන් වැය කරනවා. අනාගතයේදී තවත් මුදල් වෙන් කිරීමට අප බලාපොරොත්තු වනවා. ජපන් රජය පානීය ජලය සදහා දෙන ආධාර අගය කරනවා. මෙරට සාමය තිබෙන නිසා එකමුතුකම තිබෙන නිසා වැඩි වැඩියෙන් අපට ජාත්‍යන්තර ආධාර මුදල් ලැබෙනවා.

    රාවුෆ් හකීම් ඇමතිතුමා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය එකතු කරගෙන හවුල් ක්‍රමයකට ජලය ලබාදෙන වැඩසටහනක් ප්‍රථම වරට ක්‍රියාත්මක කරනවා. එම තත්වයට අප ගමන් කළ යුතුයි. අපේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වීමට නම් හොඳ ජල සම්පාදන ක්‍රම, පානීය ජලය ලබාගත යුතුයි. අපේ ආර්ථිකය දියුණු කරන්න නම් නාගරිකරණයට, කර්මාන්තකරණයට ජලය
    ලබාදිය යුතුව තිබෙනවා. ඒ වැඩකටයුත්ත කිරීම සදහා ඇමතිතුමන්ට සුභ
    පතනවා.

    මේ වැඩසටහන තුලින් කළුගඟේ ජලය මහජන සුභ සිද්ධිය සදහා වැඩිපුර
    යොදාගත හැකි වෙනවා. ආර්ථික දියුණුව ජල සම්පාදන වැඩකටයුතුවලට
    ඉවහල් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

    බස්නාහිර මහ නගරය ඉදිකිරීමේදී කැළණි ගගේ මාඔයේ ජලය ලබාගත
    යුතුයි.

    ඒ සමගම අප පරිසරය ආරක්ෂා කළ යුතුයි. විශාල නියගයක් ඉදිරියේදී ඇති
    වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ජලය ආරක්ෂා කර ගත යුතුයි. ඒ
    වැඩසටහන්වලටත් අපේ අවධානය යොමු කළ යුතුයි.


    ආර්ථික දියුණුව සමග සමාජ දියුණුව යටිතල පහසුකම් දියුණුව, ජල සම්පාදන
    දියුණුව ඇති කිරීමට අප සියළුම දෙනා කැපවී සිටිනවා.

    අපට උදව් උපකාර කරන ජපන් රජයට ස්තුතිය පුද කරනවා. ජල යෝජනා
    ක්‍රමවලට පමණක් නොව සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ජපන් රජය අපට
    උපකාර කරනවා. මහනුවර නගරය අලූතින් සංවර්ධනය කිරීමට ජපන් රජයේ
    සහයෝගය ලැබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya