දේව පූජාව සඳහා සපැමිණි ජනාධිපතිතුමා හින්දු චාරිත්‍රානුකූලව පිළිගන්නා ලද අතර අනතුරුව පැවති විශේෂ දේව පූජාවට ජනාධිපතිතුමා එක් විය.
මහවැලි බී හා සී කලාපවල ගොවි ජනතාව එක්ව මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබුණි.
මීට සමගාමීව අද සවස 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පරාක්‍රම සමුද්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව අසළ භික්ෂූන් වහන්සේ පණස් නමකගේ සහභාගිත්වයෙන් වැසි පිරිත් සජ්ජායනයක් ද පැවැත්වෙන අතර පසුදින (25) පෙරවරුවේ සංඝයා වහන්සේලා සිය නමක විෂයෙහි හීල්දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්වීමට නියමිතව තිබේ.