නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගනී

    දෙසැම්බර් 18, 2016
    මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඊයේ (17) පෙරවරුවේ මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගත්හ.
     
    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරින්දේ ශ්‍රී ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවඳුක් විමසීය.
     
    විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    මැලේසියාවේ ක්වාලාලාම්පූර් අවට ප්‍රදේශවාසී සිංහල බෞද්ධ ජනතාව විසින් තම වන්දනාමාන කටයුතු සඳහා පිහිටුවා ගන්නා ලද බෞද්ධ පූජනීය ස්ථානයක් වන බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය, ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුගත විහාරස්ථානයකි.
     
    පසුගිය වසර 50 ක කාලයක් පුරා ජනතාවට බෞද්ධ මගපෙන්වීම් සිදු කළ බ්‍රික්ෆීල්ඩ් විහාරස්ථානය, මැලේසියානු බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන ඔවුන්ගේ ආගමික කටුයතු කෙරෙහි සක්‍රීය දායකත්වයක් ලබා දෙන විහාරස්ථානයක් ලෙස ප්‍රකටය. මෙහි වත්මන් විහාරාධිපති පූජ්‍ය කිරින්දේ ශ්‍රී ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, වර්ෂ 2007 දී නිල වශයෙන් මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya