මෙහිදි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ සේවාව අගයමින් එම සංගමයේ ප්‍රධාන අනුශාසක කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් ඇතුළු පස්දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මාන ලබාගත් අතර සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ නිල වෙඞ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
අනතුරුව එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලදී.
සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය විසින් වකුගඩු අරමුදල වෙත මූල්‍ය පරිත්‍යාග කිරීම ද සිදුවූ අතර මෙම අවස්ථාවට තලතා අතුකෝරළ අමාත්‍යවරිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, වී. රාධා ක්‍රිෂ්ණා, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඇතුළු මහත්වරුන් ද එක්ව සිටියහ.