නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ අභිනව සංඝාවාසය සහ පුස්තකාලය සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට පසුගියදා එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී උගත්, වියත් මෙන්ම ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලාගේ සේවය වඩ වඩාත් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගත භික්ෂු සමාජය උගත් මෙන්ම විනයගරුක භික්ෂු සමාජයක් ලෙස ගොඩනැගීමට රජය සියලු වගකීම් ඉටු කරන බව ද ප‍්‍රකාශ කළේය.
දුෂ්කර ප‍්‍රදේශවල අඩු පහසුකම් සහිත විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන පහසුකම් ඇතුළු සියලු මූලික පහසුකම් සම්පූර්ණ කිරීමට රජය නව වැඩපිළිවෙළක් අනුව කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය තීනියාවල පාලිත නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අතර අනතුරුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රාජිත සේනාරත්න, දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, විදේශ තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.