නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උද්ඝෝෂකයින් රදවාගෙන සිටි නෞකා දෙක නිදහස් කරගැනීමට නාවික හමුදාව කටයුතු කළා - ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 10, 2016

    හම්බන්තොට වරායේ උද්ඝෝෂණකරුවන්ට නාවික හමුදාව විසින් පොලුවලින් පහර දී හෝ වෙඩි තබා නොමැති බවත් උද්ඝෝෂකයින් විසින් රදවාගෙන සිටි නෞකා දෙකක් නිදහස් කරගැනීමට නාවික හමුදාව කටයුතු කළ බවත් ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    හම්බන්තොට වරායේ සේවකයන් පිරිසක් විසින් ගෙන යන  උද්ඝෝෂණයට නාවික හමුදාවෙන් පහර දී ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු කළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    හම්බන්තොට වරායේ උද්ඝෝෂණ කරුවන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියා.නාවික හමුදාව එතැනට ගියේ නෞකා දෙක නිදහස් කර ගැනීමටයි. පොලුවලින් ගහලා නෑ, වෙඩි තියලා නෑ, ප්‍රශ්නය විසඳා තිබෙන්නේ. නෞකා දෙක නිදහස් කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ.දේශපාලන මුහුණුවරක් මෙයට තිබෙනවා.

     

    වරායක ප්‍රශ්නයක් නම්, නෞකාවක් බලයෙන් අල්ලාගෙන ඉන්නවා නම් එය කොල්ල කෑමක්. නාවික හමුදාව යොදවන්නත් පුළුවන්. නාවික හමුදාවට චෝදනා කරන්න එපා. ජාත්‍යන්තර වශයෙන් රටට බලපානවා. ඉදිරියටත් මේ අයුරින් යන්නේ නම්  නාවික හමුදාව යොදවා හම්බන්තොට වරාය කටයුතු ඉදිරියට ගෙන යනවා යැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya