නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැ‍යෙන් ගම්බඳ ප්‍රදේශවලට තාක්ෂණය ‍ගෙනයන්න පියවර ගෙන ති‍බෙනවා

    දෙසැම්බර් 09, 2016

    අයවැ‍යෙන් ගම්බඳ ප්‍රදේශවලට තාක්ෂණය ‍ගෙනයන්න පියවර ගෙන ති‍බෙනවා. 2017 වසර දුප්පත්කම පිටුදැකී‍මේ වසර ‍ලෙස නම්කර ති‍බෙන බවත් එන වසර තුළ ඒ ‍වෙනු‍වෙන් අවධානය ‍යොමුකර ති‍බෙන බව වි‍ශේෂ කාර්යභාර අමාත්‍ය  ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    අ‍පේ අමාත්‍යාංශය මඟින් වි‍ශේෂ අංශ කිහිපයක් හඳුනා‍ගෙන ති‍බෙනවා. ජනාධිපතිවරයා විසින් 2017 වසර දුප්පත්කම පිටුදැකී‍මේ වසර ‍ලෙස නම්කර ති‍බෙනවා. එන වසර තුළ ඒ ‍වෙනු‍වෙන් අවධානය ‍යොමුකර ති‍බෙනවා.

     

    අ‍පේ ආර්ථිකය සියයට ගණනින් දියුණු වූ බවට ප්‍රකාශන සිදු‍වෙනවා. එවැනි සංවර්ධන ‍වේගයක් තිබුණා නම් ‍මේ ර‍ටේ දිළිඳුකම ‍මෙතරම් ඇයි. සියයට 30ක් පමණ ජනතාව සමෘද්ධිලාභීන් බවට පත්ව සිටිනවා. දුප්පත්කම මනින්නේ ආහාර අනුව පමණක් ‍නො‍වේ. දිළිඳු ජනතාව ‍කෙ‍රෙහි අවධානය ‍යොමු කිරීම අවශ්‍ය ‍වෙනවා.

     

    වතුකර‍යේ පමණක් ‍නොව අවම ජීවන මට්ටමක සිටින ජනතාව අ‍නෙකුත් ප්‍රදේශවල ද සිටිනවා. දිළිඳුකම අවම කරන්නට අවශ්‍ය දැනුම ලබාදිය යුතු ‍වෙනවා. ‍මේ අයවැ‍යෙන් ගම්බඳ ප්‍රදේශවලට තාක්ෂණය ‍ගෙනයන්න පියවර ‍ගෙන ති‍බෙනවා. ගම්බඳ පාසල්වල ගුරුහිඟය 48,000ක් පමණ ‍වෙනවා. නූතන ‍ලෝකට මුහුණ ‍දෙන්න ඒ ජනතාව හැඩ ගස්සවා ගතයුතු ‍වෙනවා. ගම්බඳ ප්‍රදේශවල කුඹුරු පනත නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. ගම්බඳ ‍ගොවිතැන අද ‍ලොකු අර්බුදයකට මුහුණ පා ති‍බෙනවා. නව ක්‍රමයක් තුළ පුරන් කුඹුරු ප්‍රයෝජනට ගතයුතු ‍වෙනවා. අද වනවිට ගල‍ගෙදර ආසන‍යේ අක්කර 40ක් පමණ ඉඟුරු වඟාකර ති‍බෙනවා. නාගරික අයත් සමඟ තරඟ කළහැකි ආදායමක් ඒ අයට හිමි‍වෙනවා.

     

    මීට වඩා නව කෘෂිකර්ම නිෂ්පාදන ගම්මාන බිහිකළ යුතු ‍වෙනවා. මීට වඩා ආදායමක් ඒ ජනතාව‍ට ලබාදිය යුතු ‍වෙනවා. දරිද්‍රතා ‍රේඛා‍වෙන් පහළ මට්ට‍මේ ඉන්නේ එම ජනතාවයි. ‍තෙත් කලාප‍යේ කෘෂිකර්මය විවිධාංගිකරණය කළයුතු ‍වෙනවා. මීට වඩා විසඳුම් ‍සෙවිය යුතු ‍වෙනවා. මහනුවර සංවර්ධනය ‍වෙනු‍වෙන් වැඩසටහන් රැසක් ආරම්භකර ති‍බෙනවා. ‍බෝගම්බර සංවර්ධනයට කටයුතු ති‍බෙනවා. බන්ධනාගාරය සංවර්ධනය කරන්නට සැලසුම් සකස්කර ති‍බෙනවා. 2018 වනවිට එහි එක් ‍කොටසක් සංචාරකයන්ට, ව්‍යාපාරිකයන්ට, ජනතාවට ‍යොදාගත හැකි සංවර්ධනය ‍වෙනු‍වෙන් ‍යොදා ගන්නවා. ඒ ‍වෙනු‍වෙන් ‍ඩොලර් මිලියන 10ක් පමණ අවශ්‍ය ‍වෙනවා. ඒ කටයුතු සීග්‍රයෙන් ඉදිරියට යනවා. විසල් මහනුවර ජල ව්‍යාපෘති‍යේ ද වැඩකටයුතු සිදු‍වෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya