නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැඟෙනහිර ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා - ව්‍යාපෘති රැසක් ඉදිරි වසරවල ක්‍රියාත්මකයි

    දෙසැම්බර් 06, 2016

    යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ව්‍යාපෘති රාශියක් ඉදිරි වසරවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් උතුරේ මෙන් ම නැඟෙනහිර දෙමළ ජනතාව සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන  බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට එක්වෙමිනි.


    තිස් අවුරුදු යුද්ධයෙන්  පසු අපිට හැකි වුණා අක්කර 4000ක් පමණ මුදවා ගන්න නැවත පදිංචි කරන්න. මූල්‍ය දුෂ්කරතා මත වුවද ජනතා සුබසිද්ධියට කටයුතු කර තිබෙනවා. ජනතා පානිය ජල අවශ්‍යතා සපුරාදීමට හැකි වුණා.

     

    යහපාලන රජය ක්‍රමාණුකූල ලෙස ඉඩම් නිදහස් කිරීම තුළින් ඔවුන් මුල් වාසස්ථානවල පදිංචි කරවීමට හැකි වුණා. යාපනය දිස්ත්‍රික්කයේ අක්කර 2990ක්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අක්කර 1000ක් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ 474ක් දැනටමත් නිදහස් කර තිබෙනවා. නිදහස් කළ ඉඩම්වල පවුල් 2473ක් පදිංචි කළා.

     

    මෙම නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල සඳහා අපගේ අමාත්‍යාංශයට රුපියල් මිලියන 14000ක මුදලක් වෙන්කර තිබෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ සිංහල ගම්මාන වන පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ද වෙන් කර තිබෙනවා.

     

    2016 වසරේ අමාත්‍යාංශයට වෙන්කළ මුදලොන් දිස්ත්‍රික්ක 11ක නිවාස ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 8634ක් වෙන් කර තිබෙනවා. නිවාස සඳහා විදුලි බලය ලබාදුන්නා. ජල සැපයුම් ව්‍යාපෘති යටතේ ජල සැපයුම් ව්‍යාපෘති 29ක් ස්ථාපිත කර තිබෙනවා. ඉන්දීය රජයට අපි ස්තූතිවන්ත වෙනවා.දහම්පාසල් ගුරුවරු සඳහා පුහුණුව ලබාදී තිබෙනවා.

     

    ඉන්දියාවේ සහාය ඇතිව රුපියල් මිලියන 1700ක මුදලින් යාපනය සංස්කෘතික මධ්‍යස්ථනයක් පිහිටුවීමට යෝජනා වී තිබෙනවා. මේ වසරේ පමණක් රැඳවියන් 250215ක් වෙනුවෙන් පුනරුත්ථාපන වැඩසටහන් 9607ක් ක්‍රියාත්මක කර තිබෙනවා.රජය හඳුනාගෙන තිබෙනවා, බන්ධනාගාර පද්ධතිය තුළ සිදු කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා.

     

    පුනරුත්ථාපන අධිකාරිය මඟින් දියත් කරන මූල්‍යමය ආධාර ක්‍රමය යටතේ යුද්ධයෙන් විනාශ වූ ආගමික ස්ථානවලට ලබාදෙන වන්දි මුදල උපරිමය ලක්ෂ 05ක්. ඒ අනුව 2016 සැප්තැම්බර් මස වන තෙක් රුපියල් මිලියන 47ක මුදලක් ලබාදී තිබෙනවා. යුද්ධයෙන් විනාශ වූ ආගමික ස්ථාන 307ක් ප්‍රතිසංස්කරණයට ලක් කර තිබෙනවා. උතුරු හා නැඟෙනහිර පළාත්වල අධ්‍යාපනය දියුණු කළ යුතුයි. 2017 වසරේ දී අමාත්‍යාංශය මඟින් නැවත පදිංචි කල පවුල්වල ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්  එම පළාත්වල පාසල් දියුණු කිරීමට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

     

    ප්‍රජාපාලක විශෝධන මධ්‍යස්ථානවලට පහසුකම් ලබාදී තිබෙනවා. මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට කටයුතු කළා. යාපනයේ ජනතාවට ධීවර කටයුතු සඳහා වැඩසටහන් ක්‍රියාත්මකයි. යාපන ප්‍රදේශයට අක්කර 70,000කට  ජල සැපයුමකට වැඩසටහනක් ක්‍රියාත්මකයි. ජලාශ ප්‍රතිසංස්කරණයට කටයුතු කර තිබෙනවා.

    නැවත පදිංචි කිරීමේ වැඩසටහන 2017 වසරේ දී  උතුරු නැඟෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් සිංහල මායිම් ගම්මානවලද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙනවා. උතුරේ  මෙන් ම නැඟෙනහිර දෙමළ ජනතාව සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව  වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya