අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.
පානීය ජලය ලබාදීමේ දී වැඩි අවධනයක් යොමු කර තිබෙනවා,අපේ ජල සම්පාදන රැකියා ලබාදීමේ දී දෙමළ ජනතවට ලබාදීමටත් අවධානය යොමු කර තිබෙනවා. අනාගතයේ රැකී රක්ෂ ලබාදීමේ දී ජන අනුපාතය අනුව ලබාදීමට අවධානය යොමු කරනවා.
මෑතක සිට කොළොන්න, බලන් ගොඩ, අම්මාඔඅර ත්‍රිකුණාමලය ජල යෝජනා අවසන් කර ජනතව බාර දී තිබෙනවා. කිළිනොච්චි ජල යෝජනා ක්‍රමය මේ වසර අවසානයේ දී ජනතාව වෙත බාර දීමට බලාපොරොත්තු වෙනවා.
ලබුගම හා කලටුවව ජල යෝජන ක්‍රම සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. බදුල්ල ඇල්ල ජල යෝජනා ක්‍රමයද ලබන වසරේ අවසන් වීමට නියමිතයි. උතුරු මැද පළාතේ, පැතිර ගොස් තිබෙන වකුගඩු රෝගය පිරිසිදු පානීය ජලය මඟින් රෝගය වළක්වා ගත හැකියි කියා ප්‍රකාශ වෙනවා. ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මකයි.රාජංගනය, එප්පාලව, විසල් අනුරාධපුර, විසල් පොළොන්නරුව ජල යෝජනා ක්‍රම ඉදිරි වසර තුනක කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
40,000කට වැසිකිළි පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘතිය 2020 දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජල සම්පාදනයට අමතරව මළ ප්‍රවාහන යෝජන ක්‍රම ඇති කිරීම. බොහෝ නාගරික ප්‍රවාහන සම්ප්‍රදායික ක්‍රම තවදුරටත් කළ නොහැකියි. භූගත ජලය අපවිත්‍රවීම ඉඩ විශාලයි. මහනුවර, කතරගම, කුරුණෑගල මෙවැනි මළ ප්‍රවහන යෝජනා ක්‍රම සිදු වෙනවා. ජල ප්‍රභව ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබෙනව යැයි ද අමාත්‍යවරයා පැවසී ය.