අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,මහා නගර හ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.
ආයෝජකයින්ගේ අයිතීන් පමණක් නොව ජනතාවගේ පොදු යහපත සඳහා ඉදිරි ජීවිතයට මේ නගරය යොදා ගන්නවා.නිසි භෞතික සැලැස්මක් යටතේ විධිමත් නාගරික වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ජනතා මුදල් විධිමත් අයුරින් සැළසුම් සහගතව ආයෝජනය කෙරෙනවා.ඒතුළින් දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබෙන තිරසර සංවර්ධනයක් ඇති කෙරෙනවා.පසුගිය දශකයේ රටේ ප්‍රාග්ධන වියදමිම් 40%ක් මහා මාර්ග සඳහා යොදා තිබෙනවා.රටේ ප්‍රවාහන තදබදයට විසඳුම් ලැබී නෑ. එබැවින් අපගේ උපාය මාර්ග වෙනස් කළ යුතුයි.ඒ යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි.
කොළඹ කොටුව, බත්තරමුල්ල, කොට්ටාව, කඩුවෙල, කඩවත හා මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කරනවා. ගුවන් මාර්ග, ගුවන් පාලම්, අධිවේගී මාර්ග සබඳතා නව මර්ග පද්ධති ඇති කරනවා. මාර්ග තදබදය කළමනාකරණය කිරීමට පියවර ගන්නවා. ජලගැලීම් කළමනාකරණයට කටයුතු කරනවා. ඒ යටතේ උමං ජල මාර්ග, වේරස් ගඟ හා මාදිවෙල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. එමෙන් ම කැළණි, කළු, ගංගා හා අත්තනුගල ඔය වැනි මහා ගංගා ව්‍යාපෘති ආරම්භ කර ඇත.
වරාය නගරය විධිමත් සැළසුමක් ඇතිව ගොඩනැඟෙනවා.බේරේ වැව අවට වානිජ නගරයක් කරනවා.කහතුඩුවේ සිට කඩුවෙල දක්වා තාක්ෂණික නගරයේ කටයුතු ආරම්භ කර තිබෙනවා. හොරණ, ඉංගිරිය, මීරිගම කර්මාන්ත නගර ඉදිකෙරෙනවා. වසර 2030 ආර්ථික ඉලක්ක සපුරගැනීමට අවශ්‍ය විදුලි හා ජල ඉල්ලුමට ගැළපෙන පරිදි සකස් කිරීම සඳහා ඇගයීම් සිදු කෙරෙන බවද අමත්‍යවරයා පැවසී ය.