පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන් දුරකතන ඇමැතුම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
පොලිස්පතිතුමා ගැන විමසා බැලුවා. පොලිපතිතුමා සහ ඇමැතිතුමා හමුවෙනවා. මේ කියන පුද්ගලයාට උසාවියට එන්න කියල තිබෙනවා. අහලා තිබෙනවා, අත් අඩංගුවට ගන්නවද කියලා. උසාවියට එන්න කියා තිබෙන්නේ,ලිපි වගයක් බාර දෙන්න විතරයි. ඒ නිසා අත්අඩංගුවට ගන්නේ නෑ කියලා කිව්වා. එපමණයි එතැන සිදු වී තිබෙන්නේ.ප්‍රශ්නයට පිළිතුරක් හැටියට පොලිස්පතිතුමා, අත් අඩංගුවට ගන්නේ නෑ ලිපි ගොනුවක් බාර දෙන්න විතරයි කියලා තිබෙන්නේ. මම පොලිස්පතිතුමාගෙන් විමසුවා.
විභාගය නවත්වා නෑ. අත් අඩංගුවට ගන්න ඕන නම් ගන්න පුළුවන්. නවත්වලා නෑ. වුවමනාවක් තිබුණේ නෑ අත් අඩංගුවට ගන්න. අපි නවත්වා නෑ. තීරණය ගන්නේ ආණ්ඩුව නොවේ. උසාවියෙන් තීරණයක් දෙනවා, එතනට අත් අගහලා නෑ. වුවමනාවක් නෑ.පැමිණිලි විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අපි අත ගහලා කියන්නේ නෑ මෙහෙම කරන්න කියලා.
පොලිස්පතිතුමාට එරෙහිව චෝදනාවක් තියෙනවා නම් කියන්න දැනට චෝදනාවක් නෑ. අහන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදී තිබෙනවා. පොලිස්පතිගේ බලය අඩු කරල හරියන්නේ නෑ.චෝදනාවක් තිබෙනවා නම්,විතරයි කතා කරන්නේ.එතුමා පිළිතුරක් දුන්නා. පරීක්ෂණ කෙරෙනවා. ලිපි දෙස බැලුම ඊළඟ තීරණය බලන්න වෙන්නෙ.
කතානායක කරූ ජයසූරිය මහතා-
පොලිස්පතිතුමා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කතා කළා. අගමැතිතුමා කතා කර තිබෙනවා. අමාත්‍යතුමා හමුවෙනවා. අපි තීරණයක් ගන්නම්. හරි තීරණයක් ගන්නම්.