කියුබානු හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය වෙනුවෙන් තානාපතිනිය වෙත සිය ශෝකය පළ කළ ජනාධිපතිතුමා ලෝක ප්‍රසිද්ධ ජන නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා පිළිබඳ අතීත මතක සටහන් ද සිහිපත් කළේය.
කියුබාව ශී‍්‍ර ලංකාවේ හොඳ මිතුරෙකු වන අතර ජාත්‍යන්තර තලයේ දී කියුබාව නිරන්තරයෙන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් දැක්වූ සහය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදි සිය ස්තූතිය පුද කර සිටියේය.
නව තානාපතිනිය යටතේ කියුබානු ශී‍්‍ර ලංකා සබඳතා නව ප්රවේශයකට පැමිණෙනු ඇති බවට ද ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.