අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.
රාජ්‍ය යාන්ත්රයේ විශාල කටයුත්තක් අපට පැවරෙනවා. විශාල මුදලක් වෙන් කරලා. සේවා පියස 1000ක් හදන්න මිලියන 20ක් ලැබිලා තිබෙනවා. විශ්‍රාම වැටුප් අරමුදල හදන්න බිලියනයක් අයවැයෙන් වෙන් කර තිබෙනවා.
ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩිවීම අපේ රජය විසින් සිදුකර තිබෙනවා. අවුරුදු පහ සම්පූර්ණ වනවිට මූලික රාජ්‍ය සේවයේ වැටුප දෙගුණයකට වැඩිය වැඩි වෙනවා. රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීම ලබා දී තිබෙනවා.
විශ්‍රාම වැටුප් විෂමතාව වෙනස් කරන්න අපි කටයුතු කර තිබෙනවා. විශ්‍රම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්න කටයුතු කර තිබෙනවා. උතුරු නැඟෙනහිර සේවක පුරප්පාඩු පුරවනවා. පරිපාලන සේවයේ සියලු පුරප්පාඩු පුරවනවා. ලබන වසරේ 251ක් දෙනෙකු පරිපාලන සේවයට බඳවා ගැනීමට කටයුතු කරනවා.
රජයේ සේවකයන් වෙනුවෙන් කොළඹ,ගම්පහ,මොණරාගල දිස්ත්‍රික්කවල නිල නිවාස ආරම්භ කරන්න, රජයේ සේවක නිවාස ව්‍යාපෘතියක් පල්ලේකැලේ ආරම්භ කරන්නට කටයුතු කර තිබෙනවා.
රජයේ සේවයේ ඵලදායිතාව වැඩි කරන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඵලදායිතා වැඩපිළිවෙලට එකතු වෙන්න. එවිට රාජ්‍ය සේවයේ ගුණාත්මකතාවය වැඩිකරන්න පුළුවන්. දායක විශ්‍රාම වැටුප් ක්‍රමය, වාසිය තිබෙන්නේ අනාගතයටයි. අද මේ සම්බන්ධව රුපියල් බිලියනයක මුදලක් වෙන් කර තිබෙනවා. ඉදිරියේ දී සාක්ඡා කරලා, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ශක්තිමත් කරනවා. විශ්‍රාම වැටුප නැති කරන්නේ නෑ. ක්‍රමය විතරයි වෙනස් කරන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.