අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව, දිවයිනේ සියලු පළාත් සභාවන්ගේ ද සහයෝගය ඇතිව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගනිමින් එම කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ‘අධිෂ්ඨාන’ ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය හා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අනෙකුත් අමාත්‍යාංශ සඳහා ද පූර්වාදර්ශයක් සපයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු කොට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි වෙනත් ක්‍රීඩා සංවර්ධනය සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් මෙතෙක් නොතිබීම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීමට පැවති විශාල බාධාවක් ව පැවති බවත් දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන මගින් එම ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අපේක්ෂා කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.