අමාත්‍යවරිය මේ බව අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.
පරිසරය රැකගෙන සියලු සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවට තිරසර සංවර්ධන මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම 2016 වර්ෂය තුළදී ලබූ සුවිශේෂී ජයග්‍රහනයක්.ඒ සඳහා ජනධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රක්ෂිත වනජීවී ජාලෞඅ ස්ථාපිත කිරීම, වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සියලු වනජීවීන් සංරක්ෂණය කිරීම, අන්ත්‍රාවට ලක් වූ සත්ත්ව විශේෂ සංරක්ෂණය කිරීම, දේශීය ශාක හා මල් වර්ග ගවේෂණය කිරීම හා සංරක්ෂණ කටයුතු කිරීම,අලි මිනිස් ගැටුම අවම කර ගැනීම, යාළ ඇතුළු ජාතික උද්‍යාන රැසක් සංවර්ධනය කිරීම මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකව පවතිනවා.
අපේ රටේ ජාතික උද්‍යාන සඳහා සංචාරකයින්ගේ පැමිණීම හා ආදායම ගත්විට ගිය වසරට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්නුම් කරයි.2016 වසරේ සැප්තැම්බර් 30 වන විට ජාතික උද්‍යාන නැරඹීමට පහළොස් ලක්ෂ හතලිස් නවදහස් දෙසිය දෙකක් (15,49,202) සංචාරකයින් පැමිණ තිබෙනවා.දේශීය සංචාරකයින් 957846ක් ද විදේශ සංචාරකයින් 591356ක් ද පැමිණ තිබෙනවා.
2016 සැප්තැම්බර් මාසය වනවිට ජාතික උද්‍යාන උපයා තිබෙන ආදායම රුපියල් මිලියන 1594ක්. ජාතික උද්‍යාන 21ක් තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනව යැයි ද අමත්‍යවරිය ප්‍රකාශ කළාය.