දෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා සභාවට දන්වා සිටියේ ය. නාමිකව ඡන්දය විමසීම අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් කතානායකවරයාට දැන්වීය.
දෙවැනිවර කියවීම පක්ෂව ඡන්ද 162 හා විපක්ෂව ඡන්ද 55 ලැබිණි.නොපැමිණි සංඛ්‍යාව 07කි.
2017 විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය ) පසුගිය 10 වැනි දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි. අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය හෙට (19) සිට ආරම්භ වෙයි.