නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් රජයට පමණයි - නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    නොවැම්බර් 18, 2016

    රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් රජය පමණක් බවත් ඒ සඳහා දැක්මකින් අයවැය ඉදිරිපත් කර තිබෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (18) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    අයවැය හොඳ නරක සාකච්ඡා කරන්නයි මේ උත්තරිතර සභාව තිබෙන්නේ. අනාගතය ගැන හිතලා යෝජනා ගැන බලන්න වෙනවා. සාමාන්‍ය පොදුජනයාට අගය කරන්න පුළුවන් සියලු දෙනා නියෝජනය කරන අයවැයක්. මේ සම්මුතිවාදි රජය මේ මාතෘභූමිය එකම අගලක් විකුණන්නේ නෑ.හම්බන්තොට ආර්ථික කලාපය නිදහස් වෙළඳ කලාපයක්. නිදහස් වෙළඳ කලාපය සින්නක්කර දෙනවා කියනවා නම් එක අසත්‍යයක්.අපි මූල්‍ය නගරය එකම බිම් අඟලක්වත් දෙන්නේ නෑ.

    චීන ආයෝජකයන්ට මාතෲ භූමිය අයිතිය තුළ ව්‍යාපාර කරනකොට තියෙන ඊර්ෂියාවට මේවා කියන්නේ. හම්බන්තොට අක්කර 15,000ක් විකුණනවා කියන්නේ බොරුවක්.මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් මේ රජය පමණයි අය වැය ඒ සඳහා දැක්මකින් ඉදිරිපත් කර තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya