නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික නාමයෙන් මේ රටේ නීතිය යටපත් කරන්නට දෙන්නේ නෑ- අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 18, 2016

    ජාතික සමඟිය ඇති කිරීම, යහපාලනය තුළ සිදුකරගෙන යනවිට එය කඩකප්පල් කිරීමට කණ්ඩායම් බලන් සිටින බවත් ආගමික නාමයෙන් මේ රටේ නීතිය යටපත් කරන්නට නොදෙන බවත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අද (18) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    කුමන ආණ්ඩුවක් හෝ අයවැයක් ඉදිරිපත් කළාම හොඳ දේට හොඳයි කීම හෝ වැරදි දේට වැරදි කීමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය විශාල ව්‍යාපාරයක් රටේ ගෙන යනවා,ජනතාව නොමඟ යවන්න. මේ තුළින් රටේ ඒකීයභාවය නති වෙනවා,කියලා රටේ ජනතාව අතර කළබැගෑනියක් ඇති කරන්න සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙනවා.

    මේ රජය ඒකීය රජයක් ලෙස බලය බෙදා ගෙන කටයුතු කරන්න අවශ්‍යයි කියලා,අපේ රටේ පාර්ලිමේන්තුවේ, සම්බන්ධන් මැතිතුමා ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා. රණවිරුවෝ දඬයම් කරනව, කියල චෝදනාවක් තිබෙනවා. අපේ රටේ නීතියක් තිබෙනවා. රණවිරුවෝ අගය කරනවා. යම් කිසි වරදකට මේ රටේ නීතිය ක්‍රියාත්මකයි. අබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප දෙන්නේ නෑ කියලා විශාල කලබැගෑනියක් තිබුනා. ආබාධිත රණවිරු ප්‍රශ්නය කැබිනට් එකට ආවේ 2006 දී.අවුරුදු අටක් නිදාගෙන ඉදල රණවිරුවෝ පරට බස්සල, ගැටුම් ඇති කරලා,මේ රටේ ආරාජිකභවය නිර්මාණය කරන්න යන්නේ. මේ රජයයි රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කළේ.

    මේ රටේ විශාල අවුලක් හදන්න හදනවා, ''ආවා'' කල්ලියට එල් ටී ටී ඊ   ලේබලය අලවන්න හදනවා. උතුරේ ඉන්න අහිංසක දෙමළ ජනතාවට කොටි බවට පත් කරලා, ලෝකයට මතයක් හදලා රට අරාජික කරන්න හදනවා.ආවා කල්ලිය පිළිබඳව අපිට තොරතුරු තිබෙනවා.

    පාතාක කල්ලි තිබෙනවා.අපි නීතිය ක්‍රියාත්මක කරනවා. කවුරුත් කෑ ගැහුවා කියල නීති ක්‍රියාත්මක කරන්නේ නෑ. යුද්ධයකින් කවුරුත් ලොව දිනලා නෑ. සැනසීමකට පත් වී නෑ.ලෝකයේ හැම යුද්ධයක් ම නරකයි. ද්‍රවිධ ජනතාව ඒ ව්‍යාපරය තුළ පීඩනයට අසු වුණා. ඒ ප්‍රදේශ නඟාසිටුවා, ජාතික සමඟිය ඇති කිරීමට අවශ්‍යයි. අපි ශ්‍රී ලාංකිකයෝ. මෙය යහපාලනය තුළ හදාගෙන යනකොට එය කඩකප්පල් කරන්නට බලන් ඉන්න කණ්ඩායම් ඉන්නවා.

    මේ රටේ නීතිය භික්ෂූන් වහන්සේලාටයි, ගිහියන්ටයි කියලා වෙනසක් නෑ. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. හිරේ ගිය හාමුදුරුවෝ හිරේ ගියේ චෝදනා නිසයි. ආගමික නාමයෙන් මේ රටේ නීතිය යටපත් කරන්නට දෙන්නේ නෑ. ඒ කාලයේ සමාජය අරාජික වෙලා. නීතිය වල් වැඩී තිබුණේ. ඒ වල් වැදුණු දේශයේ සාර්ථක ප්‍රතිඵල භුක්ති විදීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. සාමයෙන් සමඟියෙන් කටයුතු කරන කොට කඩකප්පල් කිරීම පිළිබඳ කණගාටුවක් තිබෙනවායැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya