නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ වෙබ් අඩවි පාලනය කිරීමට අවශ්‍ය නෑ - නීතිවිරෝධී කටයුතු කරනවා නම්,නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්තියි

    නොවැම්බර් 18, 2016

    සාමජ සාධාරණත්වය පිණිස සමාජ වෙබ් අඩවි පිළිගන්නවා. සමාජ වෙබ් අඩවි පාලනය කිරීමට අවශ්‍යතාවක් නෑ. සමාජ වෙබ් අඩවි නීතිවිරෝධී කටයුතු කරනවා නම්,ජාතික සමඟිය විනාශ කරනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්තියි යැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අද (18) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    රටේ මුස්ලිම් මිනිස්සුන්ට බැනලා දානවා. තව්හිඩ් ජමාඩ් කියලා සංවිධානයක්, එකේ නායකයා,බුද්ධාගමට බරපතල අගෞරව කරමින්, ආගමට නිගරු කරමින් යනවා. ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා. සිංහල, මුස්ලිම් අන්තවාදයක් වේවා, අන්තවාදය මේ රටේ ක්‍රියාත්මක කරන්න හදනවා නම් අපි අවස්ථාව දෙන්නේ නෑ. යහපාලනයේ බෙලහීනතාවක් ලෙස හිතන්න එපා. අයි එස් අයි එස් සංවිධානය විශාල බියක් තිබෙනවා. මේ වනවිට බුද්ධි අංශ ක්‍රියාත්මකයි. සිරියාවට ගිහින්, පවුල් හතරක සාමාජිකයන් 32ක් මේ සංවිධානයට සම්බන්ධ වී තිබෙන  බවට තොරතුරු තිබෙනවා.

    සමාජ වෙබ් අඩවි පාලනය කිරීමට අවශ්‍යතාවක් නෑ. සමාජ වෙබ් අඩවි නීතිවිරෝධී කටයුතු කරනවා නම්,ජාතික සමඟිය විනාශ කරනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. මාධ්‍ය නිඳහස් සමහරු වල්බූරු නිදහසක් ලෙස භාවිතා කරනවා. මේවා පිළිබඳ අලුතින් හිතන්න කාලය ඇවිත් තිබෙනවා.

     

    අපි නීති ප්‍රතිසංස්කරණ ඇති කරනවා. පනත් වෙනස් කරනවා. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය වෙනස් කරන්න තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව හොඳ පනත් ගේන්න ඔන කියල යෝජනා තිබෙනවා. ජාත්‍යන්තරය කුමක් කීවත් අපි  නීති ගෙන්නේ රටේ ජනතාවට ගැළපෙන්නයි.

     

    ජාත්‍යන්තර කුමක් කීවත් ජතිවාදි ප්‍රශ්න, රට ලේ විලක් කරන්න උත්සහ  කළොත්  ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක නොවුනත් අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ඔබ මැදිහත් වෙන්න. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න දෙන්න එපා. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සාමජ සාධාරණත්වය පිණිස සමාජ වෙබ් අඩවි පිළිගන්නවා. එහෙත් සමාජ වෙබ් අඩවි වල්බූරු නිදහසක් අරගෙන,මෙලෙස කටයුතු කරනවා නම් නීතිය ක්‍රියාත්මක කරනවා, මේ රටේ ජන ජීවිතය,ජාතික ආරක්ෂාවට අනතුරක් වෙන කිසිම අකරයක ක්‍රියාවක් කරන්න ඉඩ දෙන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya