නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවර ආර්ථික පදනමක් දැමිය යුතුයි - ජනතාවගේ ආර්ථික විචාරය වැඩි දියුණු කළ යුතුයි

    නොවැම්බර් 18, 2016

    විශාල ණය අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක, ඉන් ගොඩ ඒමට ස්ථාවර ආර්ථික පදනමක් දැමිය යුතුයි. මේ අයවැය ඒ පිළිබඳව කල්පනා කර තිබෙනවා. ජනතාවගේ ආර්ථික විචාරය වැඩි දියුණු කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (18)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.


    මෙම අයවැය ලේඛනය මම දකින්නේ අපේ රටේ මූල්‍ය ස්ථාවරත්වය,ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා බොහොම කල්පනාකාරීත්වයෙන්  සකස් කළ අයවැයක් හැටියටයි. මේ අයවැයට ප්‍රසංශා වගේම විවේචනත් එල්ල වී තිබෙනවා. යටිගිරියෙන් කෑ ගහන කතා සාප්පුවක් හැටියට නොවේ, අපේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය කුමක් ද,අපි එකෙන් ගොඩ එන්නේ කොහොමද කියල මේ විවාදය පරිවර්තනය කරගන්නාවා නම්,එයයි ප්‍රයෝජනවත් දෙය.

    අපේ රට් මුහුණ ප තිබෙන ප්‍රධාන ජාතික අර්බුදය තමයි,මේ ණය අර්බුදය. මෑත කාලයේ බිහි වූ සෑම ආණ්ඩුවක් ම ණය ගත්තා. එය ජාතික අර්බුදය වුණේ, පසුගිය රජය ණය ගත් රටාවේ වෙනස නිසයි.

    අපි ණය ගත්තට ගෙවීමේ හැකියාව නැති වුණා. අපි කල යුත්තේ ණය ගත්ත රටාව වෙනස් කර සහන ණය ලබාගනිමින් වාණිජ ණය කොටස අඩුකර ගනිමින් අපේ ණය ගෙවීම අඩුකර ගැනීමයි.

    රටක් ලෙස අපි තෙරුම් ගන්න ඕන, විශාල ණය අර්බුදයකට මුහුණ දී තිබෙනවා, ඉන් ගොඩ ඒමට ස්ථාවර ආර්ථික පදනමක් දැමිය යුතුයි, මේ අයවැය ඒ පිළිබඳව කල්පනා කර

    තිබෙනවා.

    ණය මත යෝජනා කළ සංවර්ධනය වෙනුවට,නිෂ්පාදනය මත ,ගුණාත්මක සේවා නිෂ්පාදනය මත හා විදේශ වෙළඳාම මත පදනම් කර ගත් ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා සාර්ව ආර්ථික ,මූල්‍ය ප්‍රතිපත්තිය සකච්ඡ කර ගැනීම වැදගත්.ඒ නිසයි අපි නව ආයෝජන කලාප ඇති කරන්නට යෝජනා කර තිබෙන්නේ. පුද්ගලීකරණය නොවේ වුණේ, පවුලීකරණයක්  බොරු දේශප්‍රේමීන් කෑ ගහනවා රට විකුණනව කියනවා. ජනතාවගේ ආර්ථික විචාරය වැඩි දියුණු කරන්න අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි.

    තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරන්නට සූදානම් වන වෙලාවේ, ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙන් හොඳින් කල්පනා කර ව්‍යාපෘති ගොඩක් ඉදිරිපත් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya