“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන (2017-2019) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේය.
දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් වත්මන් රජය විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක් ද ඒ වෙනුවෙන් ස්ථාපිත කර තිබේ. ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන පස්වන ජනාධිපති කාර්ය සාධන බළකාය එයයි.
දරුවන් සම්බන්ධ අධිකරණ කටයුතු කි‍්‍රයාත්මකවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර එම අධිකරණ කටයුතු කඩිනම් කිරීමටත් එහිදී ළමා මනසට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ 2017- 2019 සැලැස්ම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර අපයෝජන, අපහරණ වැළැක්වීම හා ළමා ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය, පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපනය සහ ජීවන කුසලතා ආදී කරුණු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු ළමයින් සම්බන්ධ ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් ද, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ද, වැඩබලන නීතිපති, පොලිස්පති ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මේ අතර නීතිමය කි‍්‍රයාමාර්ගයකට මුහුණදීම හේතුවෙන් අධ්‍යාපන අවස්ථා අඩාලවීමේ අවදානමකට මුහුණදුන් තවත් විශේෂ දරුවෙකු වෙත ද අද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒ ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවායි. එම පාසල් සිසුවා ජනාධිපති කාර්යාලයට ගෙන්වාගත් ජනාධිපතිතුමා ඔහුගේ තොරතුරු විමසීය. සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළ අතර ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කළේය.
තමා විසින් භාවිතා කරනු ලබන්නේ තමා විසින්ම කොටස් එක් කර සකස්කරගන්නා ලද පරිගණකයක් බව මෙහිදී එම දරුවා ජනාධිපතිතුමා සමඟ පැවසූ අතර තම පවුලේ සාමාජිකයින් මුහුණදී සිටින නිවාස ගැටලුව ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළේය.
දෙමාපිය රැකවරණය යටතේ වසර 03ක් මෙම සිසුවා පරිවාසභාරයට පත්කර තිබෙන අතර එම නීතිමය කටයුතු කඩිනම් කරමින් සිසුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.