අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
ආර්ථික වේගය පවත්වාගෙන යාමට ආයෝජන ඉතා වැදගත්. වර්තමාන ප්‍රතිපත්තිය,වන්නේ, අනවශ්‍ය ණය බර දැරීම වැලක්වීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇති කිරීමයි.කෘෂි නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදනයට, සංචාරක කර්මාන්තයට රජය උදව් කරනු ඇති. අපි දූෂිත ගනුදෙණු නවත්වා අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කළා. දැන් අපි පරිසරය රැකගෙන සින්නකර අක්කර සීයයත් බේරාගෙන පෝට් සිටි නීත්‍යාණුකූලව කරගෙන යනවා. ඒකාබද්ධ කණ්ඩායම දේශපලන වාසි ගන්න හදන එක ලැජ්ජා නැතිකමක්. පිරිසිදු රජය කරන දේට විරුද්ධව කතා කරනවායැයි අමාත්‍යවරයා පැවසී ය.