අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
නිදහස ලබන විට අපේ රට ආසියාවේ දියුණුම රට වුණා. සතයක්වත් ණය තිබුණේ නෑ. සාමය තිබුණා. විරැකියාවක් තිබුණේ නැහැ. සිංග්පූරුව නිදහස් ලබන විට අපේ රට විදියට කටයුතු කරන්න අවශ්‍යයි කීවා. නමුත් අද අපේ රටේ ආර්ථිකය දුර්වලයි. වසරක ආදායම අපිට මදි ණය වාරික සහ පොළිය ගෙවන්න. අම්පාර, ඉඟිනියාගල ව්‍යාපෘති අපි පටන් ගත්තේ අපේ සල්ලිවලින්. නිදහස ලැබුණු දා සිට පාලනය කළ හැම පක්ෂයක්ම මේ වෙනුවෙන් කටයුතු කළ ආකාරය වැරැදියි. පළමු සහ දෙවැනි පක්ෂ එක්ව ආණ්ඩුවක් නිර්මාණ්‍ය කළයුතු වුණා. ඇතැමුන් ඇමැතිකම් බෙදා ගන්නට කළ දෙයක් බව කීවා. අපි ඇමැතිකම් සීමා කර ආණ්ඩුවක් නිර්මාණය කළා. අවුරුදු 20ක් විපක්ෂයේ සිටි අපිට ලැබුණේ ණය බරින් පිරි ආර්ථිකයක්. අපි ණය සඳහා විශාල මුදලක් ගෙවන්න වෙනවා.
මේ හේතුවෙන් පසුගිය රජය හදිසි මැතිවරණයකට ගියා. අපි සම්බාධක අභියස සිටියා. 2001 - 2004 කාලයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කර තිබුණා. අදට වඩා විශාල වශයෙන් අඩු මුදලකට ඒක කරන්න තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා 2005 බලයට ආවා. ඒ මහතාට කොළඹ - නුවර අධිවේගී මාර්ගය හදන්න උත්සාහ කළේ නැහැ. මේ මාර්ගය හදන්න කියා අපි පෞද්ගලිකව ඉල්ලීම් කළා. අපි ලබන සිංහල අවුරුද්දට පෙර අධිවේගී මාර්ග තුනක් සාදා නිමකරනවා. ප්‍රධාන පළාත් ඒ හරහා සම්බන්ධ වෙනවා. මහනුවර, අනුරාධපුර, රත්නපුර සියලු තැන් මේ හරහා සම්බන්ධ වෙනවා. පසුගිය කාලයේ ලංකාවේ එකම කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කරන්න බැරිවුණා. කර්මාන්ත ශාලා රටට අවශ්‍යයි. චීන ආණ්ඩුව පොරොන්දුවක් දුන්නා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්ත පුරයක් ඇති කරන්න.
හම්බන්තොට නිදහස් වෙළෙඳ කාලපය ආරම්භ කරන්න චීනයට ආරාධනා කර තිබෙනවා. අප අපේ දරුවන් රැකියා ඉල්ලනවා. අපි චීනය සමඟ සබඳතා පවත්වාගෙන යනවා. එට්කා ගිවිසුම අත්සන් කළපසු අපිට තීරුබදු සහන හිමි වෙනවා. මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් නිර්මාණය කළා. නමුත් නව ව්‍යවස්ථාව වෙනුවෙන සෑම දේශපාලන පක්ෂයක්ම සහාය දෙනවා. නිදහස් ලැබූ දා සිට සියලු දේශපාලන පක්ෂ එක්ව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න නොහැකි වුණා. ඒ නිසා මෙවර ඉතිහාසයට එක් වෙනවා. ලබන වසර ඇතුළත මේ ව්‍යවස්ථාව සම්මත කොට ජනමත විචාරණයකින් අනුමත කරගන්නට හැකිනම් එය රටේ අනාගයට ඉතාම වැදගත් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ඉතිහාසයට එක්ව සිටිනවා. ඒ මහතා යුද්ධය දිණුවා. ඒ වුණාට රට සංවර්ධනය කරන්න ඒ මහතාට නොහැකි වුණා. ජාත්‍යන්තරය සමඟ රණ්ඩු වුණා.
ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ රටට, ජනතාවට අවශ්‍ය විදියට යම් යම් දේ කළයුතු බවටයි. අපි දැන් හරි පාරට වැටී තිබෙනවා. කිසිවෙකු බලපෑම් කරන්නේ නැහැ. අපිට සහාය ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ලංකා ඉතිහාසයේ සියලු දේශපාලන පක්ෂ එක වහළක් යටට ගෙනවිත් සාකච්ඡා කරන්න හැකි වෙලා තිබෙනවා. මේ සඳහා සහාය ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලනවා. කොළඹ නුවර අධිවේගී මාර්ගය 2019 වසරේ දී අවසන් කරනවා. මහනුවරට පැයෙන් යන්න හැකිනම් එය ඉතාම වැදගත් වෙනවා.