කුඩා හා මධ්‍යම කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ඨතා දැක්වූ ව්‍යාපාරිකයින්ට මෙහිදී සම්මාන ප්රදානය කළ අතර ජනාධිපතිතුමා අතින් ප්ලැටිනම් සහ රන් සම්මාන හතක් පිරිනැමිණි.
ජනාධිපතිතුමා අතින් ප්ලැටිනම් සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් ලැබු සුනිල් කොහොලිය මහතා විසින් තමාට ලැබුණු මුදල් ත්‍යාගය ජාතික වකුගඩු අරමුදල වෙනුවෙන් නැවත ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළ අතර මේ අවස්ථාවට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්යක්ෂ අසේල ඉද්දවෙල මහතා ද එක්ව සිටියේය.
එමෙන්ම කුඩා හා මධ්‍යම කර්මාන්ත ආරම්භයේ සිට එම ක්ෂේත්රයට කළ විශිෂ්ට සේවය අගයමින් ඇලෝයි ජයවර්ධන මහතාට විශිෂ්ට සේවා ඇගයීම් සම්මානයක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.
දිවයිනේ සියලුම පළාත් ආවරණ වන පරිදි මෙම සම්මාන ප්රදානෝත්සවය පැවැත්වුණු අතර මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රිෂාද් බදියුදීන්, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද කුඩා හා මධ්‍යම කර්මාන්ත මණ්ඩලයේ සභාපති මොහිදින් කාදර් මහතා ඇතුළු එම කර්මාන්ත මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.