නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාපිය ආර්ථිකයට අනුව අපේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරනවා

    නොවැම්බර් 16, 2016

    කලාපිය ආර්ථිකයට අනුව අපේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරන අතර, ව්‍යාපාර දියුණුව හා ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (16)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි

    තවදුරටත් විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා,


    අපේ අරමුණු ඉටු කරගන්න ආර්ථික සැලස්මක් අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. කලාපිය ආර්ථිකයට අනුව අපේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරන අතර, ව්‍යාපාර දියුණුව හා අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ස්වශක්තියෙන් ඉදිරියට යන ජනතාවක් අපි ඇති කරනවා.

    මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරිමට අප කටයුතු කරනවා. රාජපක්ෂ සමයේ අධ්‍යාපනය ලබාදුන් මුදල් කප්පාදු කළා. අපි නව වෘත්තිය පුහුණු ක්‍රම හදුන්වාදෙමින් හැකියාවෙන් පිරි තරුණ ප්‍රජාවක් ගොඩනගනවා. ධිවර ක්ෂේත්‍රයට නවීන තක්ෂණය යොදා ගන්නනවා වගේම ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරිමට කටයුතු කරනවා. ජාත්‍යන්තර වෙළදාමට පිවිසිමේ දොරටුවක් ලෙස සියළු ව්‍යාපාර නගා සිටුවනවා.

    සංචාරක කලාප හදුනාගෙන සංවර්ධනය කරනවා. සැමට සම අවස්ථා ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අයවැය තුළින් අපිට ආදයම් රුපියල් බිලියන2020ක් ලැබෙනවා. වියදම් බිලියන 2245ක් කියා තිබෙනවා. මේ වසරේ පොලි ගෙවීම් බිලියන680ක් තිබෙනවා. රාජ්‍ය සේවය වැටුප් බිලියන 650ක් වෙන් කර තිබෙනවා.

    2005 වසරේ තිබුණේ බිලියන 2200යි තිබුණේ. 2009 බිලියන4161 ණය ප්‍රමාණය. යුද්ධය අවසන් වෙලා 2014 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය 7391 වැඩි වෙලා. රාජ්‍ය ණය 5169කින් රාජපක්ෂ සමය තුළ වැඩිවී තිබෙනවා. ඒ ණයවලින් මොනදවද කළේ. ඔච්චර හොඳට කළානම් ඇයි ඡන්දෙන් පැරදුනේ. ජනතාව දැගෙන හිටියා සංවර්ධනය ඉස්සරහට දාගෙන හොරකම් කළා කියා.  විශ්‍රාම වැටුප්  කර තිබෙනවා.

    පොහොර සහනාධාරය වැඩි කර තිබෙනවා. පාසල් පොත් සඳහා මුදල් වැඩි කර තිබෙනවා. ආබාධිත රණවිරුන්ට වැඩිමුදලක් වෙන් කර තිබෙනවා. සමෘද්ධිය වැඩි කර තිබෙනවා. පෝෂණ වැඩසටහන සඳහා මුදල් වැඩි කර තිබෙනවා. සියළු සහනාධාර වත්මන් ආණ්ඩුව වැඩි කර තිබෙනවා. අපි මේ රට දියුණු කිරීමටත් ජනතාව ඉදිරියට ගෙන යාමටත් අයවැය තුළින් පියවර ගෙන තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya