නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වස විසෙන් තොර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානයක්

    නොවැම්බර් 16, 2016

    මෙවර අයවැයේ සාධණීය ලක්ෂණ තිබෙන බවත් වස විසෙන් තොර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මේ බව ප්‍රකාශ කළේ අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.


    මේ අයවැයේ සාධණීය ලක්ෂණ තිබෙනවා. වරි තාක්ෂණය දියුණු කිරීමට විශාල මුදලක් යොදවා තිබෙනවා. මෙවර අයවැයෙ දී කැඩි බිදී ගිය වැව් ප්‍රතිසංස්කරණයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. රට වෙනුවෙන් කල විශාල සංවර්ධනයක්.

    ජාතික ආහර වැඩපිළිවෙල,අද අමාත්‍යාංශවල වැඩකටයුතු විසිරී තිබෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යලය යටතේ විධිමත් සාකච්ඡාවක් කළා. ඒ අනුව වස විසෙන් තොර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සඳහා ගමන් කළා. මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සැලකිය යුතු ප්‍රතිපාදන මේ සඳහා වෙන් කර තිබෙනවා. මේ වසර දෙකත්, පසුගිය කාලයේත් අපේ අපනයනය අඩු වී තිබෙනවා. අපනයනයේ දී තේ රබර් පොල් දෙසටයි. අපනයනය අඩු වී තිබෙනවා. වගාවට ආශ්‍රිතව අපේ අපනයනය වැඩි කරන්නේ අදයම වැඩි කරන්නේ කෙසේද? අගය එකතු කළ නිමි භාණ්ඩයක් ගෙන යන්නේ කොහොමද? තේ කර්මාන්තය නැංවීමට වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය වතු විකුණල තියෙන්නේ පසුගිය ආණ්ඩු කාලේ.

    තේ නිශ්චිතව අගය එකතු කළ භාණ්ඩයක් බවට පත් කර ගත යුතුයි. ආහාර සුරක්ෂිතාවය ගැන අර්බුදයක් තිබෙනවා. ආහාර සංස්කෘතියේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. මේ නිසයි වස විසෙන් තොර ගොවිතැන ඉදිරියට ගෙනැවිත් තිබෙන්නේ. ආහාර ප්‍රවර්ධන වැඩසටහනෙන් මුන් ඇට ,කවුපි ලංකාවේ වගා කරන්නයියැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya