මන්නාරම පිහිටි තාරපුරම් වැව ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 600ක් වෙන් කරන තිබේ.
විශාල වේලි 33ක් ප්‍රතිසංස්කරණය හා වේලි 80කට මූලික පහසුකම් සැපයීම ඇග්‍රෝ මෙට්‍රික් මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කරන බවත් පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මල් වගා හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය දිරි ගැන්වීමට තවාන් 200ක් ඇති කිරීම වෙනුවෙන් රජය සියයට 50ක ණය පොලී සහනයක් ලබා දී තිබේ.
කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මිල ලිහිල් කරන බවත් කිලෝ එකක සම්පූර්ණ කුකුළකුගේ මිල රුපියල් 420ක් කර තිබෙන අතර ධීවර කර්මාන්තයේ ඉහළ මට්ටමින් වාණිජකරණයට අවැසි පරීක්ෂණ සඳහා නාරා ආයතනය ඇතුළු අංශ දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ.
වැවක් සහිත ගමන් වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරන බවත් හම්බන්තොට, මඩකලපුව, යාපනය ඇතුළු වෙරළාසන්න දිස්ත්‍රික්ක 10ක ජීවනෝපාය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1200ක් වෙන් කර ඇත.
ධීවර වරායවල්හි යටිතල පහසුකම් හා නැංගුරම් පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 1350ක් ලබා දීමට යෝජනා කර තිබෙන අතර මත්ස්‍ය සැකසුම් හා ටිං කිරීම වැනි අපනයන සැකසුම් සඳහා හම්බන්තොට ඇතුළු පෙදෙස්වල මිරිදිය මත්ස්‍ය කලාප ඇති කිරීමට මිලියන 700ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.