පාර්ලිමේන්තුවේ කටයුතු ප.ව. 2.00ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මුදල් අමාත්‍යවරයා විසින් 2017 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
යහපාලන රජයේ තෙවැනි අයවැය මෙවර ඉදිරිපත් කෙරෙන අතර “සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් වර්ධනයක් කරා...” යන්න එහි තේමාවයි.
අයවැය 2017 කාරක සභා අවස්ථාවේ වැඩසටහන සඳහා වෙන් කළ දින ගණන 19කි. ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාද 19 සෙනසුරාදා සිට ආරම්භ වෙයි.