ලොව පුරා හින්දු ජනතාව හෙට ඉමහත් බැති සිතින් දීපවාලී උත්සවය සමරති. ඒ නිමිත්තෙන් සියලුම හින්දු බැතිමතුන් වෙත ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සුබ පැතුම් මෙහිදී පිරිනැමිණි.
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.