ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී සියලුම හින්දු බැතිමතුන් වෙත ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සුබපැතුම් පිරිනැමූහ. හින්දු නර්තන හා වාදන අංගයන් ඇතුළු සංස්කෘතික අංග රැසකින් ද මෙම උත්සවය වර්ණවත් විය.
මෙම උත්සව අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද හින්දු කලාකරුවන් සහ ජනාධිපති කාර්යාල කාර්ය මණ්ඩලය විශාල පිරිසක් ද එක්ව සිටියහ.