ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සභභාගීවීම සඳහා තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා අතර නිල හමුව ඊයේ (08) පස්වරුවේ බැංකොක් නුවර දී පැවැත්වුණු අතර එහිදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය විසින් එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණියව ඉතා උණුසුම් අයුරින් පිළිගත්තහ.
සුහද කතා බහකින් අනතුරුව නායක දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරිණි.
ශී‍්‍ර ලංකාවට සැමදා තායිලන්ත රජය ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා විශේෂයෙන්ම පසුගිය ගංවතුර සහ නායයාම් අවස්ථාවලදී ශී‍්‍ර ලාංකීය ජනතාවට සැපයූ පහසුකම් පිළිබඳව ද සිය කෘතවේදීත්වය පළ කළේය.
දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සබදතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී නායක දෙපළ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළේය.
බෞද්ධ රටවල් ලෙස ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සබදතා සෑම අතින්ම ශක්තිමත් කරගත හැකි බව පෙන්වා දුන් තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දෙරට අතර සංචාරක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ඉදිරියේදී වැඩපිළිවෙළ රැසක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
වංචාව, දුෂණය සහ අක‍්‍රමිකතාවය වැළැක්වීම පිළිබඳව ශී‍්‍ර ලංකා රජය ගෙන යන පියවර පැහැදිළි කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය මේ වන විට ප‍්‍රමුඛතාවය දී කටයුතු කරන බව ද කියා සිටියේය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම තුළින් ද අපේක්ෂා කරන්නේ සාමය සහ සංහිඳියාව තහවුරු වූ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
දෙවැනි වරටත් තායිලන්තයට පැමිණිම පිළිබඳ මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය සතුට පළ කළ තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව හොද අනාගතයක් කරා ගමන් කරනු ඇති බවටත් එම ගමනට තායිලන්ත රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවත් ප‍්‍රකාශ කළේය.