ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අද (10) පෙරවරුවේ අමතමිනි.
ආසියානු සංවර්ධනය යනු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ඉදිරි ගමන බවද පැවසූ ජනාධිපතිතුමා විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කර ගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට ද යෝජනා කර සිටියේය.
නැගී එන ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ශී‍්‍ර ලංකාවේ අරමුණ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වීම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා වේගවත් ආර්ථික ප්‍රගතියක් උදෙසා මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වන විට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කරමින් සිටින බවද කියා සිටියේය.
නැගී එන ආසියාව ඉදිරි වසර කිහිපය තුළ ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානය හා මූල්‍ය කේන්ද්‍රය බවට පත්වනු ඇති බවටද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා කලාපයේ සහයෝගීතාවය තුළින් එම ඉලක්ක සපුරාගත හැකි බවද කියා සිටියේය.
මෙම සමුළුවේදී සම්මත කරගැනීමට නියමිත ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ 2030 සඳහා වූ දැක්ම සහ ඒ සඳහා වූ මාර්ග සිතියම තිරසර සංවර්ධනය සඳහා වූ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බෙහෙවින් උපයෝගී වනු ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ආසියානු සහයෝගීතා සංවාද කලාපයට අයත් රටවල සංචාරක ක්ෂේත්රයේ වර්ධනයට ඉමහත් ඉඩ කඩ තිබෙන බවත් එය තිරසාර, සමාජ, සංස්කෘතික හා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කරගත හැකි බවත් සඳහන් කළ ජනාධිපතිතුමා අද ශී‍්‍ර ලංකාව ආර්ථික වර්ධනයේ ප්‍රධාන ක්ෂේත්රයක් ලෙස සංචාරක ක්ෂේත්රය හඳුනාගෙන තිබෙන බවද කියා සිටියේය.
ආසියානු සහයෝගීතා සංවාද සමුළුව කලාපය තුළ තිරසාර සාමය, මානව ආරක්ෂාව සහ සමෘද්ධිය ඇති කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බවද පැවසූ ජනාධිපතිතුමා විශිෂ්ට අන්දමින් මෙවර සමුළුව සංවිධානය කර තිබීම පිළිබඳ තායිලන්ත අග්‍රාමාත්‍යවරයාටත්, තායිලන්ත රජයටත් සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කථාව (2016-10-10)
බැංකොක් නුවරදී අද දින පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ලැබීම මට මහත් සතුටක්.
විශිෂ්ට අන්දමින් මෙම සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් තායිලන්ත අග්රාමාත්යතුමාටත්, රජයටත් මාගේ විශේෂ කෘතඥතාවය පිරිනමන්නෙමි.
එමෙන්ම ආසියානු සහයෝගීතා සංවාද සමුළුව 2002 දී ස්ථාපනය කෙරුණු තැන් පටන් තායිලන්ත රජය මේ වන තෙක් දැක්වූ සජීවි සහභාගිත්වය ශී‍්‍ර ලංකාවේ ඇගයීමට ලක් වේ.
ආසියාව එළැඹෙන වර්ෂයන්හි දී නව මූල්‍ය මධ්‍යස්ථානය, එනම් මූල්‍ය සේවා කර්මාන්තය සඳහා කේන්ද්‍රීය ලක්ෂය වනු ඇති බවට අපට සැකයක් නැහැ. මෙම පසුබිම තුළ සාකච්ඡා සඳහා සජීවි අවස්ථාවක් ලෙස ආසියානු සහයෝගීතා සමුළුවේ භූමිකාව තවදුරටත් ගොඩනගා ගැනීමේ අරමුණ සමගින් ආසියානු සහයෝගීතා සංවාද සමුළුව – දැක්ම 2030 හා එහි සහයෝගය සඳහා වූ මාර්ගය සාකච්ඡා කොට අනුමාන කරගැනීමට අපි මෙහි රැස්වී සිටින්නෙමු.
සංචාරක කර්මාන්තය විෂයෙහි ද ආසියානු සහයෝගීතා සංවාද සමුළුව වැදගත් වෙයි. එය තිරසාර සමාජ, සංස්කෘතික හා ආර්ථික වර්ධනයෙහි ලා වැදගත් භූමිකාවක් ඉටුකරයි.
සංචාරක කර්මාන්තය ශී‍්‍ර ලංකාව හඳුනාගන්නේ රටේ ආර්ථිකයේ පේ‍්‍රරණය සඳහා වූ මූලික අංගයන්ගෙන් එකක් ලෙසයි.
විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය ආර්ථික සංවර්ධන ප්රවර්ධනයෙහිලා වැදගත් අංගයක් ලෙස අපි සළකන්නෙමු.
මේ සම්බන්ධයෙන් බලන කළ ශී‍්‍ර ලංකාව විද්‍යාවේ, තාක්ෂණයේ හා නව සොයාගැනීම්හි ස්ථම්භයක් ලෙස මග පෙන්වනු ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි. මේ ක්ෂේත්රයන්හි දැනුම් හැකියාව සාමාජික රටවල් සමග බෙදා හදා ගැනීමට අපි මග බලා සිටින්නෙමු.
එබැවින් විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කර ගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටද මෙම මෙහිදී යෝජනා කර සිටිමි.
නැගී එන ආර්ථිකයක් ලෙස ශී‍්‍ර ලංකාවේ අරමුණ ඉහළ ආදායම් සහිත සංවර්ධිත රටක තත්ත්වයට ළගා වීමයි. ඒ වෙනුවෙන් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට විශාල ව්‍යාපෘති ගණනාවක් දැනට ආරම්භ කොට තිබේ.
මෙම සමුළුව ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට අයත් කාලපයේ රටවල් අතර සාමය, සුරක්ෂිතතාව සහ සෞභාගය ඉහළ නැංවීමට පොදු ප්‍රතිපත්තියක් ගෙන එනු ඇති බව මම විශ්වාස කරමි.
එමෙන්ම ආසියානු කලාපයේ රටවල් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කර ගැනීමට මෙම සමුළුව ඉතා වැදගත් වනු ඇති බවද ප්‍රකාශ කරමි.