අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
අධිකරණය භාරයට ගන්නා භාණ්ඩවල ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මෙවැනි භාණ්ඩ දීර්ග කලයක් තිස්සේ,අධිකරණ භූමිවල, අධිකරණ ගොඩනැගිලිවල ගබඩා කර තබාගැනීම,ආරක්ෂවට නිලධාරීන් යෙදවීම,මෙවැනි කරුණු රාශියක් නිසා විශාල මුදලක් රජයට යොදවන්නට සිදු වී තිබෙනවා.ජාතික ආර්ථිකයටත් මෙම කරණය බලපානවා.
ඒ නිසා පවතින නීතිය හඳුනාගෙන,ඒවා නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. වගන්තියේ තිබෙන මාස හයක කාලසීමාව,මාස දෙක දක්වා අඩු කිරීමට සහ රුපියල් 2500ක මූල්‍ය වටිනාකම රුපියල් 25,000ක් විය යුතුයි කියලා සංශෝධනය කර තිබෙනවා, දේපළ නිදහස් කර ගැනීමේ දී. කාරකසභා අවස්ථාවේ දී මේ මුදල රුපියල් ලක්ෂයක් බවට සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා.
මාස හයක කාලය ඉතා දීර්ග කාලයක්.වාහනයක්, යන්ත්‍රයක් දිරාපත් වී විනාශ වීමේ හැකියාව තිබෙනවා. මාස දෙකකට අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත හඳුන්වාදීමට හා බැංකුගත කිරීමේ ක්‍රියාපටිපාටියට හඳුන්වාදී තිබෙනවා. මේ නිසා නඩු භාණ්ඩ ගොඩගැසී තිබෙන ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වෙනවා.මෙය නිවැරදි කරගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.