ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය තුළ සකී‍්‍රයව කටයුතු කළ විවිධ සංවිධාන සහ වෘත්තීය සමිති සමග පසුගිය දින ජනාධිපති මන්දිරයේ පැවති සුහද හමුවකට එක් වෙමිනි.
පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කර රටට සහ ජනතාවට අත්‍යාවශ්‍යව පැවති පරිවර්තනය ලබාදීමට කැප වූ සියලුදෙනා වෙනුවෙන් මෙහිදී සිය කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිතුමා ඉදිරියේදී ද ඔවුන් සියලුදෙනාගේ අදහස් සහ යෝජනාවලට ඉඩ කඩ ලබාදෙමින් රට ජයග්‍රහණය කරා ගෙන යන බව ප්‍රකාශ කළේය.
මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කරුණු පැය 24 කින් ඉටු කළ හැකිනම් එය එක් අත්සනකින් නිමා කිරීමට තමා සූදානම් නමුත් එය එසේ කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රට හමුවේ ඇති ආර්ථික අර්බුදය මෙන්ම ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අප යා යුත්තේ මනා හික්මීමකින් සහ විනයකින් යුත් සෙමෙන් ගමනක් බව ද කියා සිටියේය.
මතුවන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් ජනතාව ප්‍රාර්ථනා කළ පරිවර්තනයන් ඔස්සේ සම්මුතිවාදී රජයේ ගමන ඉදිරියටම ගෙන යාම තම අරමුණ බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.