අවසන් මහා තරගයේ දී ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළ සම්පත් ශ්‍රී පලන්සූරිය වෙත ජයග්‍රාහී කුසලානය ජනාධිපතිතුමා විසින් මෙහිදී පිරිනමන ලදී.
එයට අමතරව ජයග්‍රාහකයා වෙත රුපියල් මිලියන 20 ක් වටිනා නව නිවසක හිමිකම ද ඩයලොග් සමාගමෙන් ලබාදුන් නව ජංගම දුරකතනයක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමීය.
මේ අවස්ථාවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අර්ජුණ රණතුංග, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරු ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක ප්රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන යන මහත්වරුන්ද ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.