නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘මිතුරු මිතුරෝ’ අමද්‍යපික සම්මාන උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 11, 2016
    මතට ඇබ්බැහිවූවන් ඉන් මුදාගෙන රැක ගනිමින් සුවපත් කර, අභිමානවත් පුද්ගලයින් කිරීමේ අරමුණින් ‘මිතුරු මිතුරෝ’ ආයතනය නවවැනි වරටත් සංවිධානය කරන ‘යහපත් අමද්‍යපික විශිෂ්ටත්ව සම්මාන උලෙළ’ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
     
    මෙහි මූලික අරමුණ වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයා කවර මට්ටමේ කෙනෙකු වුවද සමාජයෙන් කොන් නොකර, සිතෙහි පවත්නා කුතුහලය නැති කර සමාජයේ ඉහළට ම ඔසවා දිරිමත් කිරීමත් එමඟින් සමාජීය වගකීමක් හා කාර්ය භාරයක් ඇති පුද්ගලයකු ලෙස සමාජගත කිරීමත් ය.
     
     මිතුරු මිතුරෝ ආයතනය දෙස් විදෙස් පුහුණුව ලත් උපදේශකවරුන්ගෙන් සමන්විත වන අතර ඇමෙරිකාව මූලස්ථානය කොට ගෙන තවත් රටවල් 64ක සම්බන්ධීකරණය සහිත ආයතනයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya