නියෝජ්‍ය අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පැරිස් ගිවිසුම අපරානුමත කිරීමේ විවාදයේ අඳහස් දක්වමිනි.
1992 මැයි 09 වැනි දින නිව්යෝර්ක් හී දී පිළිගන්නා ලද දේශගුණික වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය සඳහා වූ ඉදිරිපත් කරන ලද පැරිස් ගිවිසුම අපරානුමත කිරීම අනුමත කිරීම පිණිස විවාදය පැවැත්විණි.
මේ ගිවිසුමේ වටිනාකම් ගැන අපි සියළු දෙනා කතා කළා. මේ ගිවිසුම රටේ ජනතාවට ප්‍රයෝජනයක් වගේම ලෝකයටම ප්‍රයෝජනයක්. ලෝකයේ උණුසුම සෙල්සියස් අංශක 1.5කට අඩුවන් තබාගත යුතු වෙනවා. දියුණු රටවල් මේ ගිවිසුම්වලට සහයෝගය දුන්නේ නැහැ. නමුත් පැරිස් ගිවිසුමට ඔවුන් එකඟ වී තිබෙනවා. හරිත වායු විමෝචනය ප්‍රමාණය ලංකාවෙන් නිකුත් වෙන්නේ ඉතාම අඩුවෙන්. එයත් ඵලක් ඇතිව කළානම් සතුටු වෙන්න පුළුවන්. මේ ගිවිසුම අත්සන් කිරීමේ පළමු සාමාජිකයන් 55දෙනා අතරට ඇතුළුවීමට අපට හැකි වෙනවා. සමුම්තියට අනුව 21 වැනි වගන්තියේ අනුව 55 දෙනා අත්සන් තැබූ විට දින තිහකට පසුව බලාත්මක වෙනවා. එහිදී පළමු 55 අතර ඉන්න අයට විතරයි පුළුවන් තීන්දු තිරණ ගන්න. අනෙක් අයට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙහි මාර්ගය ලබාදීමට හැකියාව තිබෙනවා.
ඩොලර් මිලයන 38ක් අපට ලැබුණා හරිත විමෝචනය අවමය සිදු කරන රටක් හැටියට. හරිත විමෝචනය පිළිබඳ අපි ජාතික ප්‍රතිපත්තියක් ඇති කර ගත යුතුයි. ජාතික ආණ්ඩුවක් තිබෙන විට මෙය ඉතා සාර්ථකව කරගෙන යා හැකියි. ඒ අනුව ඉදිරියට ප්‍රතිපත්ති සකස් කිරීමේදී නිවැරැදිව කරගෙන යන්න පුළුවන්. ගෝලීය උණුසුම යම් මට්ටමක රඳවාගනිමින් සංවර්ධනය අවශ්‍ය පියවර ගැනීමට අපට හැකියාව තිබෙනවා.
2030 වන විට හරිත වායු විමෝචනයෙන් සියයට 20 ප්‍රමාණයක් අවම කරනවා. එය දේශීය මුදල් මත පමණක් නොවයි සිදු කරන්නේ. පරිසර අමාත්‍යාංශයක් ජනාධිපතිවරයෙක් අරගෙන පාලනය කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඒ නිසා නීල හරිත යුගයක් බිහිකිරිමට අපට හැකියාව තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.