ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (07) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති 2016 විද්‍යා හා තාක්ෂණ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.
කෘමි නාශක සහ වල්නාශක භාවිතය හේතුවෙන් අද රටේ අහිංසක ජනතාව මුහුණ දී සිටින වකුගඩු රෝගය රටක් සහ ජාතියක් වශයෙන් මුහුණ දෙන දැවැන්ත ඛේදවාචකයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම තත්ත්වයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීම සඳහා විද්‍යාඥයින් සහ තාක්ෂණවේදීන් ලෙස ඉටුකළ හැකි කාර්ය භාරය පිළිබඳ මෙවන් සමුළුවලදී විශේෂ අවධානයක් යොමු විය යුතු බව ද කියා සිටියේය.
එමෙන්ම සිය පර්යේෂණ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් ඉවහල් කර ගනිමින් රටේ ජාතික නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය යුතු බව පැවසූ ජනාධිපතිතුමා දිළිඳුකමින් තොර රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙලේදී ද විද්‍යාඥයින්ගේ සහ තාක්ෂණවේදින්ගේ දායකත්වය ඉතා වැදගත් බව කියා සිටියේය.
‘‘තිරසාර ජාතික සංවර්ධනයක් සඳහා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදනයන් භාවිතයට ගැනීම” මැයෙන් ඊයේ ඇරඹි සමුළුව දෙදිනක් පුරා කොළඹ දී පැවැත්වෙයි.
දෙස් විදෙස් විද්‍යාඥයින් දහසක් පමණ මෙම සමුළුවට එක්ව සිටින අතර ලොව ප‍්‍රකට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින් 150 දෙනෙකු පමණ එයට එක්ව සිටි.
මෙරට තරුණ විද්‍යාඥයින් එතෙර විද්‍යාඥයින් සමග සෘජු සබඳතා ගොඩනඟා ගැනීම තුළින් ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සහ එය රටේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා දායක කර ගැනිම මෙම සමුළුවේ අරමුණයි.
මෙහි ප‍්‍රධාන දේශනය කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණය පිළිබඳ මහාචාර්ය Michqel J.kelly මහතා විසින් සිදු කළේය.
අමාත්‍යවරුන්වන සුසිල් පේ‍්‍රමජයන්ත, මහින්ද සමරසිංහ, රවුෆ් හකීම්, අර්ජුන රණතුංග, රංජිත් සියඹලාපිටිය, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.විජයලක්ෂ්මි මහත්මිය ඇතුළු නිලධාරීහු ද සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.
ඉන් අනතුරුව විද්‍යා හා තාක්ෂණ සමුළුව සඳහා සහභාගී වූ දෙස් විදෙස් විද්‍යාඥයින් වෙනුවෙන් විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
ශී‍්‍ර ලාංකික හා විදේශීය විද්‍යාඥයින් 07 දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් තිළිණ ප‍්‍රදානය කෙරිණි.