නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (25) පාර්ලිමේන්තුවේ දී මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට එක්වෙමිනි.
අතුරුදහන් වූ තැනැත්තන්ගේ ප්‍රශ්නය උතුරට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. අතුරුදහන්විම ගැන ඛේදවාචකය ඉතිහාසයේ මුහුණ දුන් සුවිශේෂ ආර්ථික දේශපාලන කාරණා සමඟ බැදී පවතිනවා.
ඔවුන් සටන් කළ පරමාර්ථය හරි හෝ වැරදි වුවත්, සෑම පුරවැසියෙකුටම,ඔවුන්ගේ ඥාතීන්ට යුක්තියක් ඉටු කිරීමට ප්‍රජාතන්ත්‍රික රාජ්‍යයක් ලෙස අපට යුතුකමක් තිබෙනවා. පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලින් යමක් ඉතිරිව ඇත්නම් ඒ වෙනුවෙන් ගත හැකි සියලු දේ නීතියේ සීමාව තුළ ගැනීමට යුතුකමක් වෙනවා.
අතුරුදන් තැනැත්තෙක් පිළිබඳ කාරණය, සංකීර්ණ නීතිය පිළිබඳ ප්‍රශ්නයක්. සත්‍ය වශයෙන් අතුරුදහන් වුණාද? කියන නිගමනය අවශ්‍ය වෙනවා.තම දරුවා, ස්වාමිපුරුෂයා නැවත පැමිණේ වි යැයි බලාපොරොත්තු වෙනවා.දේපළ, විවාහය, විශ්‍රම වැටුප ගැන අවිනිශ්චිතතා මතු වෙනවා.
අතුරුදහන් වූ තැනැත්තෙකු සම්බන්ධයෙන් වූ සහතිකයක් නිකුත් කරන අතර පසුකාලයේ දී මරණ සහතිකයක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනවා. මෙය අලුත් රාමුවක්. මේ පනත පිළිබඳව විරුද්ධවන්න අවශ්‍ය නෑ.
අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලය පනත රටේ නීතිය වී තිබෙනවා. ඊළඟට කළ යුත්තේ සාමාජිකයන් පත් කිරීමයි. ස්වාධීන ක්‍රමවේදයක් මෙයට භාවිත කරනවා. කාගෙත් සම්භාවනාවට පත් වු සුදුසුකම් තිබෙන අය පත් කරගන්නට අවස්ථාව තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නෑ. කවුරු හෝ අනිසි බියක් ඇති කරගන්නවා නම්, එසේ නොවිය යුතුයි. සියලු ආරක්ෂක විධිවිධාන පනත තුළ අන්තර්ගත කර තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.