කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව මුලසුනේ සිටි මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා සභාව වෙත දැනුව දැනුම් දුන්නේ ය.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය.
රටේ සත්ත්ව නිෂ්පාදනය නැතුව බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නංවා ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට නව වැඩපිළීවෙළක් රජය ක්‍රියාත්මක කරනවා.
වර්ෂයකට සත්ත්ව ආහාර මෙට්‍රික් ටොන් 9ක් නිපදවනවා.සත්ත්ව ආහාර සඳහා නිති පැනවීම අවශ්‍ය වෙලා තිබෙනවා.පනතට අදාළ නිලධාරින්ගේ බලතල වැඩි කිරිමට පියවර ගැනෙනවා. පනතේ නියමයන් කඩ කරන අයගෙන් දඩ මුදල රුපියල් 50000ට නොඅඩු රුපියල් 250000 නොඉක්මවන තැනට ගේනවා. සත්ත්ව ආහාර අපනයනයට පහසුකම් සපයනවා.කුකුළු පැටව් දැන් අපනයනය කරනවා. අපි කිරි කර්මාන්තයේ ඉදිරියට එන්න වැඩපිළීවෙළ රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. කිරි කුකුළු මස් නිෂ්පාදනය වැඩ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.